තායිවාන සංචාරය නිසා නවසීලන්ත මන්ත්‍රීවරුන්ට චීන තහනමක්

රෂිකා හෙන්නායක ජුනි 04 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෑතකදී නවසීලන්ත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු තායිවානයේ සංචාරය කිරීම හේතුවෙන් චීනය ඔවුන්ට එරෙහිව වසරක සංචාරක තහනමක් පනවා ඇත.

මෙම ක්‍රියාව තායිවානයේ ස්වෛරීභාවය පිළිබඳ චීනයේ දැඩි මතය සහ “එක් චීනයක්” ප්‍රතිපත්තියට එල්ල වූ අභියෝගයක් ලෙස බෙයිජිං පාලනය සලකයි.

කෙසේ වෙතත්, නවසීලන්ත රජය පවසන්නේ මෙවැනි රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සංචාර කලක සිට සිදුවන සාමාන්‍ය දෙයක් බවත්, චීනයේ මෙම අලුත් තීරණය පුදුම සහගත බවත්ය.

අදාළ මන්ත්‍රීවරුන් චීනයෙන් සමාව අයැදීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර, මෙම සිදුවීම දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට බලපෑමක් එල්ල කර තිබේ.

තායිවානය මෙම තහනම හෙළා දකිමින් ප්‍රකාශ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර පවතින සබඳතාවලට මැදිහත් වීමට චීනයට අයිතියක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...