රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමේ සජබ මෙහෙයුම: මන්ත්‍රී කණ්ඩායම විශේෂ සාකච්ජාවක!

Date:

කොළඹ LNW: රුසියාවට ගොස් සිටින සමගි ජන සන්ධානයේ ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රී කණ්ඩායම ඊයේ(04) දිනයේදී රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එහි සඳහන් වන ආකාරයට දැනට විධිමත් තොරතුරු නොමැති වුවත් 1000 කට ආසන්න ශ්‍රී ලාංකික සෙබළුන් ප්‍රමාණයක් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධව ඇති බව එම මන්ත්‍රීවරු සඳහන් කර ඇත.

ඒ අතර දැනට සොල්දාදුවන් 220ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත නැවත යෑමට අවශ්‍ය බවට ඔවුන්ගේ තොරතුරු එම මන්ත්‍රීවරුන් වෙත ලබාදී ඇති බවත් එම මන්ත්‍රීවරුන් සඳහන් කළේය.

එමෙන්ම රෝහල්ගත යුධ සෙබළුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳවත්, අතුරුදහන් වූ හෝ මියගිය හෝ සොල්දාදුවන්ට අදාළ වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත ගෙවීම පිළිබඳවත්, මෙම සොල්දාදුවන්ගේ ගිවිසුම් කඩ කිරීම යටතේ තැරැව්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති සොල්දාදුවන් පිළිබඳවත් සාධාරණව මිත්‍රපාක්ෂික රටක් ලෙස රුසියානු රජයේ අවධානයට යොමු කරන ලෙස එම මන්ත්‍රීවරු පිරිස තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මන්ත්‍රීවරුන් තිදෙනා රුසියානු ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ අතර රුසියානු රජයේ අවධානය මේ පිළිබඳව ලබාගෙන රාජතාන්ත්‍රික ආකාරයට එම සෙබලුන් යුදභූමියෙන් ඉවත් කරගැනීමටත්, නැවත ලංකාවට ගෙන ඒමටත් අදාල කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම පිළිබඳව තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කළේය.

තවද එම මන්ත්‍රීවරුන් පෙරේදා(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය.

රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත.

ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුද කඳවුරු වල හෝ යුද භූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරා ඇත.

පසුව එම මන්ත්‍රී කණ්ඩායම සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන්නේය. ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...