බීජ ගේන්නත් ඩොලර් නෑ. ඉදිරියේදී එළවලු හොයාගන්න එකත් ලොකු ගැටලුවක් වෙයි – නාමල්

Date:

ශ්‍රී ලංකාවේ වගා කටයුතු සඳහා අත්‍යාවශ්‍ය එළවලු බීජ ගෙන්වීමටත් ඩොලර් නැති නිසා ඉදිරියේදී රට තුළ දරුණු එළවලු හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

“ඉදිරියේදී බරපතළ එළවලු හිඟයක් එනවා. මොකද එළවලු කියන්නෙ නිරන්තරයෙන් වගාකරන එකක්. වී නම් ලංකාවේ කන්න දෙකයි තියෙන්නෙ අවුරුද්දටම වගා කරන. හැබැයි එළවලු ගත්තොත් හැමවෙලේම ගොවිපලේ වගාකරනවා. හැමවෙලේම එළවලු වෙළඳපොලේ තියෙන්න නම් හැමවෙලේම වගාකරන්න ඕනෙ. එහෙම හැමවෙලේම වගාකරන්න නම් පොහොර, පෙට්‍රල්, ඩීසල්, කෘමිනාශක, වල් නාශක, බීජ මේ ඔක්කොම ටික ඕනෙ. වී වලට ඇරුණාම අනෙකුත් බීජ ගත්තාම බරපතළ හිඟයක් රට තුළ තියෙනවා. මොකද අපේ රටේ අපි වගාකරන්නෙ 90%ක් විතර හයිබ්‍රිඩ් බීජ (දෙමුහුන් බීජ). මේ බීජ විදේශ රටවලින් ගේන්නෙ. මැලේසියාව වගේ රටවලින් ගේන්නෙ. බීජ ගේන්නත් අද ඩොලර් නෑ. ඒ නිසා ඉස්සරහට හාල් හොයාගත්තත් ඒ හාලෙන් බත් එක්ක කන්න එළවලු හොයාගන්න එකත් ලොකු ගැටලුවක් වෙනවා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...