බීජ ගේන්නත් ඩොලර් නෑ. ඉදිරියේදී එළවලු හොයාගන්න එකත් ලොකු ගැටලුවක් වෙයි – නාමල්

Date:

ශ්‍රී ලංකාවේ වගා කටයුතු සඳහා අත්‍යාවශ්‍ය එළවලු බීජ ගෙන්වීමටත් ඩොලර් නැති නිසා ඉදිරියේදී රට තුළ දරුණු එළවලු හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

“ඉදිරියේදී බරපතළ එළවලු හිඟයක් එනවා. මොකද එළවලු කියන්නෙ නිරන්තරයෙන් වගාකරන එකක්. වී නම් ලංකාවේ කන්න දෙකයි තියෙන්නෙ අවුරුද්දටම වගා කරන. හැබැයි එළවලු ගත්තොත් හැමවෙලේම ගොවිපලේ වගාකරනවා. හැමවෙලේම එළවලු වෙළඳපොලේ තියෙන්න නම් හැමවෙලේම වගාකරන්න ඕනෙ. එහෙම හැමවෙලේම වගාකරන්න නම් පොහොර, පෙට්‍රල්, ඩීසල්, කෘමිනාශක, වල් නාශක, බීජ මේ ඔක්කොම ටික ඕනෙ. වී වලට ඇරුණාම අනෙකුත් බීජ ගත්තාම බරපතළ හිඟයක් රට තුළ තියෙනවා. මොකද අපේ රටේ අපි වගාකරන්නෙ 90%ක් විතර හයිබ්‍රිඩ් බීජ (දෙමුහුන් බීජ). මේ බීජ විදේශ රටවලින් ගේන්නෙ. මැලේසියාව වගේ රටවලින් ගේන්නෙ. බීජ ගේන්නත් අද ඩොලර් නෑ. ඒ නිසා ඉස්සරහට හාල් හොයාගත්තත් ඒ හාලෙන් බත් එක්ක කන්න එළවලු හොයාගන්න එකත් ලොකු ගැටලුවක් වෙනවා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...