*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල්ගේ විශේෂ අවධානය!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 , කොළඹ (LNW):

උතුරු ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ සංචාරයේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණු බවත්, එහිදී පුත්තලම ඉලවංකුලම් හරහා මරිචුක්කට්ටි, මන්නාරම ඔස්සේ යාපනය දක්වා දිවෙන මාර්ගය විවෘත කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙන බව‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ජනතාව අද වන විට යම් ප්‍රමාණයකට තම අවශ්‍යතා සපුරා ගනිමින් සිටින බවත්මේ, වන විට වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල රජයේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුබෑමට ලක්ව තිබූ මේ රටේ ආර්ථිකය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කළ නිසා බවද පෙන්වා දෙයි. පසුගිය සමයේ පැවති තත්ත්වයට සාපේක්ෂව ජනතාව ද යම් ප්‍රමාණයකට තම අවශ්‍යතා සපුරා ගනිමින් සිටින බවත්, ආර්ථික වශයෙන් දුර්වලව සිටි ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවද පැවසීය.

ඒ වගේම ජනාධිපතිවරයා “උරුමය” වැඩසටහන යටතේ ලක්ෂ 20ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙන අතර, පසුගියදා උතුරු පළාතට පැමිණි ජනාධිපතිවරයා උතුරු පළාතේ එම ඉඩම් ඔප්පු ලබාදීම ආරම්භ කළ බව පවසූ අමාත්‍යවරයා ඒ යටතේ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 18,000ක් පමණ සහ වවුනියා දිස්ත්‍රික්කය සඳහා ඉඩම් ඔප්පු 10,000ක් පමණ ලබා දීමට නියමිත බවද කියා සිටියේය. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ද ඉඩම් ඔප්පු 12,000ක් පමණ ලබාදීමට සැලසුම් කර තිබෙන බව කියා සිටියේය.

එසේම එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය නැංවීම සඳහා එළුවන් මෙන්ම වගා කටයුතු වෙනුවෙන් බීජ බෙදාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, තවද ආර්ථික අර්බුද සමයේ අතර මඟ නතර වූ කිලෝමීටර් 15ක පමණ මාර්ග සංවර්ධන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙන බව පැවසීය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බවත්, ඒ වෙනුවෙන් එම ප්‍රදේශය නියෝජනය කරන සිටින මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද වෙන්කර දී තිබෙන බවද ඒ වගේම යුධ සමයේදී තම ඉඩම් අහිමි වු ජනතාවගේ ඉඩම් යළි ලබාදීමේ වැඩ කටයුතු ද ආරම්භ කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දේ.

අප ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ සංචාරයේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එහිදී පුත්තලම ඉලවංකුලම් හරහා මරිචුක්කට්ටි, මන්නාරම ඔස්සේ යාපනය දක්වා දිවෙන මාර්ගය විවෘත කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙන බවද කියා සිටියේය.

පසුගිය දිනවල අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විශාල ජනතාවක් ආපදාවට ලක්වුණ අතර, එම ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan