සටහන: සශිකලා මධුෂාණි
ජුනි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක් ඇතුළු වාහන 3,048ක් මෙක්සිකෝව වෙත රැගෙන යමින් තිබියදී මෝනිං මිඩාස් නෞකාව අනතුරට ලක්ව තිබේ.
ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් මෙම නෞකාව ගිනි ගැන්මට ලක්ව ඇති අතර එහි කාර්ය මණ්ඩලයේ 22දෙනෙකු උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර ගලවා ගැනීමේ විශේෂඥයින් සහ විශේෂිත උපකරණ සහිත කණ්ඩායමක් රැගත් පළමු ටග් යාත්‍රාවක් දැනටමත් මෝනිං මිඩාස් නෞකාව වෙත යමින් සිටින අතර එය ජුනි 9 වන දින එම ස්ථානයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ,
මෝනිං මිඩාස් නෞකාව මෝටර් රථ 3,048ක් භාණ්ඩ ප්‍රවාහනය කරන අතර, ඉන් 70 ක් සම්පූර්ණයෙන්ම විදුලි සහ 861 දෙමුහුන් වේ. ලිතියම්-අයන බැටරි වලින් සාදන ලද මෝටර් රථ වාහක සහ බහාලුම් නැව්වල ගිනි ගැනීම් කර්මාන්තයට සහ රක්ෂණකරුවන්ට ඒවා පාලනය කිරීමේ දුෂ්කර වී ඇති අතර ඉන් වන පරිසර හානියද විශාල වනු ඇති බවයි සඳහන් වන්නේ,