නිශ්මං රණසිංහ ජුනි 07, කොළඹ LNW:
දිනකට පෙර ලද අනපේක්ෂිත පරාජයේ අවමානය මකා දමමින් ලකුණු 15 ට කඩුලු 4 ක් දවා ගනිමින් බ්ලූම්ෆීල්ඩ් වෙනුවෙන් සිය මංගල තරගයට ක්‍රිඩා කළ ඒෂාන් මාලිංග ද,තරගයේ ජයග්‍රහණය ඉවතට ගොස් තිබියදී අවසාන පන්දු දෙකට එල්ල කළ හයේ පහර දෙකෙන් ජෙෆ්රි වැන්ඩර්සේ ද බ්ලූමිෆීල්ඩ් ක්‍රීඩා සමාජය යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරන්න සමත් වුණා.එවැනිම අනපේක්ෂිත පරාජිත ඉරණමකට මුහුණ දී සිටි පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේදී යළිත් සටන්කාමී ඉණිමක් දියක් කරමින් පොලිසියේ චතුරංග ජයතිලක ලකුණු 50 ක් රැස් කළ ද,ඒෂාන් මාලිංගගේ සහ වැන්ඩර්සේ ගේ අපූරු ප්‍රහාරය නිසා, පන්දු ඕවර් 20 නිමාවේ, කඩුලු 8 ට ලකුණු 145 ක් ලෙස දැක්වුණා පොලිස් ලකුණු පූවරුව ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ.
පිළිතුරු ඉණිමේදි පොලිසියේ නවීන් ප්‍රනාන්දුගේ ලකුණු 29 ට කඩුු 3 ක් වැනි පන්දු යැවීම් ඉදිරියේ යළිත් අසාර්ථක වූ බ්ලූම්ෆිල්ඩ් පිතිකරුවන් තරගයේ අවසාන පන්දුවේදි සිය ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 147 ක් කර ගනිමින් කඩුලු තුනකින් තරගයේ ජය හිමි කර ගන්නට සමත් වෙනවා.අවසාන මොහොතේ ශ්‍රී ලංකා ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ තරගයේ අවසාන පන්දු දෙකට එල්ල කරන ලද හයේ පහර දෙක නොවන්නට බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් මේ තරගයේදීත් දක්ෂතා අතරට නොපිවිසුණු බව පිළිගැනීම වැදගත්.මෙහි සම්පූර්ණ ගෞරවය පන්දු යවන්නෙක් ලෙස ඒසාන් මාලිංගට මෙන්ම තවත් දක්ෂ පන්දු යවන්නෙක් වන ජෙෆ්රි වැන්ඩර්සේ පිතිකරුවෙක් ලෙස පෑ දසකම්වලටත් අයත් විය යුතු වෙනවා.
ජූනි 6 වන දා පැවති සෙසු තරග අතරින් දැවන්තම ජය වාර්තා කරන්නට සමත් වුණේ සීසීසී කණ්ඩායමයි.පන්දු 31 දි හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලසිත් කෘෂ්පුල්ලේ ලබා ගත් ලකුනු 77 මෙන්ම ඔහු ලාබාල දුල්මිත් සිගේරා (48) සමඟ එක්ව දෙවන කඩුල්ලට එකතු කළ ලකුණු 110 ක සබඳතාවය ද නිසා සීසීසී ලකුණු පූවරුව පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 6 ට ලකුණු 200 ක් ලෙස සටහන් වුණා.එම ලකුණු ප්‍රමාණයේ පීඩනය හමුවේ ප්‍රතිවාදී කුරුණෑගල තරුණ කණ්ඩායමට සාමාන්‍ය දක්ෂතාවය හෝ පෙන්වන්නට අවස්ථාවක් හිමි නොවුනු අතර ඔවුන් සියල්ල ලකුණු 56 ට දැවී ගියා.එහිදී පළපුරුදු ලක්ෂාන් සඳකැන් ලකුණු 12 ට කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙණුනා.
Fමවර විස්සයි විස්ස තරගාවලියේ පෙරළිකාරහ කණ්ඩායමක් වන නුගේගොඩ ක්‍රීඩා සමාජය එක ලකණකින් කෝල්ට්ස් කණ්ඩායම පරාජය කරමින් ලැබූ ජය ජූනි 6 දා පැවති තරගවලදී ලද සුවිශේෂම ජයයි.ලකුණු 142 ක් රැස් කරමින් ලකුනු 143 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින් එම ලකුණු ප්‍රමාණය ලකුණු 141 සෙීමා කිරීම මෙහිදී කැපී පෙණුනම සිඳුවීම වුණා.දෑතින්ම දග පන්දුවට රුසි ක්‍රිශ්න සිරාම් ලකුණු 9 ට කඩුලු 4 ක් දවා ගනිමින් කෝල්ට්ස් කණ්ඩායමට හොඳ ඉඩක් සකසා දුන්නත් කෝල්ට්ස් පිතිකරුන් අතරින් ඊට දායක වුණේ සනෝජ් දර්ශික (46) සහ නායක දුනිත් වෙල්ලාගේ (33) පමණයි.මියුරු හේෂාන් අවසාන ඔවරයේදී ජයග්‍රහණයට ලකුනු 9 ක් අවශ්‍යයව සිටි කෝල්ට්ස් කණ්ඩායමට ලකුණු 7 ක් පමණක් ලබා දෙමින් තරගයේ ජය ජය නුගේගොඩට ලබා දුන්නා.
ඊට අමතරව බදුරලිය කණ්ඩායම පරාජය කරමින් ඒස් කැපිටල් කණ්ඩායම ද,පානදුර කණ්ඩායම පරාජය කරමින් එන්සීසී කණ්ඩායම ද,චිලව් මේරියනස් කණ්ඩායම පරදා ද්‍රවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායම ද ජූනි 5 වන දා පැවති අනෙකුත් තරගවල ජය වාර්තා කරන්නට සමත් වුණා.
