දිලිප් වෙදආරච්චිගේ පුතා සහ ලේලිය පොලිසියට බාරවෙයි

පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය ඊයේ (06) පස්වරුවේ නීතීඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාරවී තිබේ.

වීරකැටිය පොලිස් ස්ථානයට බාරවී ඇති ඔවුන් දෙදෙනාව එහිදී අත් අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේදී ඔවුන්ව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...