සුලෝචනා … අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්න බෑ – ජනපති

Date:

විධායක ජනාධිපති ක්‍රමය සහ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය යන දෙකම මිශ්‍ර පාලන ක්‍රමයක් රටක පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සුප්‍රකට බ්ලූම්බර්ග් ජාත්‍යන්තර පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “එක්කෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි, නැතිනම් පාර්ලිමේන්තුව රාජ්‍ය පාලනයෙන් ඉවත් කළ යුතුයි” යනුවෙනි.

“ඔබට මිශ්‍ර ක්‍රමයක් තියෙන්න බෑ. මම ඒක අත්දැකලා තියෙන නිසා හොඳින්ම දන්නවා. මම මේක කිව්වාම මිනිස්සු මට දොස් කියාවි, ඒත් මේක තමයි ඇත්ත”

“මගේ පුද්ගලික අදහස වෙන්නේ විධායක ජනාධිපති ධුරයක් තියෙනවා නම් ඊට පූර්ණ බලතල තිබිය යුතු බවයි. එසේත් නැතිනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර වෙස්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තුවකට යන්න පුළුවන්”

යනුවෙනුයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය සමග ප්‍රකාශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...