විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත සිය කෘතඥතාව පළ කරයි

Date:

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මැතිතුමා 2022 ජූනි 2 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මහ කොමසාරිස්වරයා මෙම හමුව අතරතුර ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නිෂ්පාදන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. තවද, ද්විපාර්ශ්වික කටයුතු සහ රටේ වත්මන් ප්‍රවණතා සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වී ය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම අභියෝගාත්මක අවස්ථාව හමුවේ ඉන්දියාව ලබාදුන් නොමසුරු සහ අඛණ්ඩ සහය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා, මෙම තීරණාත්මක මොහොතේ දී ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව, ඖෂධ නිපැයුම් සැපයීම සහ ණය ආධාර සහ SWAP විධිවිධාන මගින් සුවිශේෂී සහයෝගයක් ලබා දෙමින් සෑම අංශයකටම දැවැන්ත පරිමාණයෙන් ඉන්දීය ආධාර පිරිනැමීම, ශ්‍රී ලංකා රජයේ ඉමහත් පැසසුමට ලක්වන බව සඳහන් කළේ ය.

සමීප අසල්වැසියන් ලෙස දිගු කලක් මුළුල්ලේ පැවැත්වූ බහුපාර්ශ්වික සබඳතා සතු සුවිශේෂී වැදගත්කම දෙපාර්ශ්වයේ ඇගයුමට ලක්විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...