ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව අධිකරණ නියෝගයක්

Date:

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීමේ තීරණය ජුනි 20 වනදා දක්වා අත්හිටුවීමටයි.

ඒ මහතා ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුරයක් භාරගැනීම නිසා ඒ මහතාව තම පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපා හැරීමට ශ්‍රීලනිපය තීරණය කර තිබිණි.

කෙසේවෙතත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමන්ව එසේ තනතුරුවලින් ඉවත්කිරීමේ බලයක් පක්ෂ සභාපතිවරයාට, ලේකම්වරයාට හෝ මධ්‍යම කාරකසභාවට නොමැති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...