නිශාන් මධුෂ්කගෙන් බර කරට ගත් ඉණිමක්

Date:

දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ වාර්තා කළ ජයග්‍රහණය, නිශාන් මධුශ්ක විසින් සමස්ත කණ්ඩායමේ බර සිය උර මතට ගත් ඉණිමකින් හැඩ කරන්නට සමත් විය.දකුණු අප්‍රිකානු ඉණිම ඩිල්ශාන් මධුශංකගේ විශිෂ්ඨ පන්දු යැවීම ප්‍රධාන කරගෙන ලකුණු 175 ට සීමා වූ අතර පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවො ලකුණු 178 කරා යාමට දැරූ උත්සාහයේදී ලකුණු 74 ට කඩුලු 3 ක් අහිමි කර ගත්හ.වැදගත්ම කාරණය වන්නේ එම දැවී ගිය කඩුලු තුන අයත් පිතිකරුවන් තිදෙනාගෙන් කිසිවෙකුත් ලකුණු 10 සීමාවට ළඟා වී නොතිබීමය.ඒ මොහොතේ ද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට අභියෝගයකින් තොරව මුහුණ දෙමින් සිටි නිශාන් මධුශ්ක එම ලකුණු 74 න් ලකුණු 56 ක ම හිමිකරුවා වී සිටියේය.

කඩුලු 3 ක් අහිමි වූ පසුව පිටියට පිවිසි සහන් ආරච්චිගේ කල්පනාවෙන් නිශාන් මධුශ්කට සහයෝගය දක්වන්නට පටන් ගත්තේය. එතැන් සිට නිශාන් සහ සහන් තරගය ජය ගන්නා තෙක් නොදැවී උන්හ.සහන් ආරච්චිගේ ලකුණු 50 ක් නොදැවී එක් කර ගත්තේය.පන්දු 85 න් හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් සමඟ නිශාන් මධුශ්ක දැක් වූ දායකත්වය ලකුණු 107 කි.
දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ ආරම්භක පන්දු යවන්නන් වූ ඩිල්ශාන් මධුශංක සහ ප්‍රමෝද් මධුශාන් අතරින් ඩිල්ශාන් ලකුණු 33 ට දකුණු අප්‍රිකානු කඩුලු 4 ක් ම දවා ගැනීමට සමත් විය.ප්‍රමෝද් එක් කඩුල්ලක හිමිකරුවෙක් වුව ද ඔහුගේ පන්දු යැවීම ඉදිරියේ දකුණු අප්‍රිකානු පිතිකරුවනට ලකුණු නො’ආවේය.ඔහු ලකුණු 13 ක් පමණක් ලබා දී තිබුණ අතර නිලකුණු ඕවර් දෙකක් ද සමඟ පන්දු ඕවර් 8 ක් යවා තිබිණ.

දකුණු අප්‍රිකානු මුල් පෙළේ පිතිකරුවන් හත් දෙනෙකු ලකුණු 42 ක් ලකුණු පූවරුවේ සටහන් වෙද්දී සිටියේ ක්‍රීඩාගාරයට ගොස් නැවත අසුන් ගෙනය.ඒ අවස්ථාවේදී ලකුණු 20 ට කඩුලු 4 ක් දැවුණ මොහොතේ පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවා වූ ට්‍රිස්ටාන් ස්ටබ්ස් සමඟ එක් වූ ජෙරල්ඩ් කොඑට්ෂී අනපේක්ෂිත කඩුලු සබදතාවයකට දායක විය.ස්ටබ්ස් ලකුණු 59 ක් එක් කළ අතර ඔහුට වඩා වේගවත් වූ කොඑට්ෂී ලකුණු 77 ක් එක් කර ගනිමින් පැවත් වූ ලකුණු 111 ක සබදතාවය නිසා අටවන කඩුල්ල බිඳ වැටෙන විට දකුණු අප්‍රිකා ඒ ලකුණු පූවරුව 153 ක් ව තිබිණ.මුල් මොහොතේදී ලකුණු 100 දක්වා නොයනු ඇතැයි පෙරමඟ ලකුණු පෙන් වූ දකුණු අප්‍රිකානු ඉණිම ස්ටබ්ස් සහ කොඑට්ෂි නිසා ලකුණු 175 ක් දක්වා දුර ගියහ.

ප්‍රථම එක්දින තරගයේදී ලකුණු 264 ක් ලබා ගත් ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයන්ට පන්දු 53 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමක් දැවී ලකුණු 268 ක් ලබා කඩලු 4 ක ජයක් ලබන්නට තරම් ප්‍රබල තත්ත්වයක සිටි දකුණු අප්‍රිකානු පිතිකරු බල ඇණිය මේ තරගයේදී සම්පූර්ණණයෙන් මෙල් කරමින් තරගාවලිය සම මට්ටමට ගෙන එන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ සමඟ පළමු තරගයේ ලකුණු සටහනට පිවිසෙන මාර්ගය දැක්වේ.
https://www.espncricinfo.com/series/south-africa-a-in-sri-lanka-2023-1379628/sri-lanka-a-vs-south-africa-a-1st-unofficial-odi-1379631/full-scorecard
දෙවන තරගයේ ලකුණු පූවරුවට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/south-africa-a-in-sri-lanka-2023-1379628/sri-lanka-a-vs-south-africa-a-2nd-unofficial-odi-1379632/full-scorecard
තෙවන තරගය හෙට පැවත්වේ.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...