බැසිල් සමග තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි ??

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

ඒ මහතාත් සමග ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව මෙය සිදුකෙරෙනු ඇති අතර ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධ අවසන් තීරණය ප්‍රකාශයට පත්වෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

විශේෂයෙන්ම 21 වැනි සංශෝධනයට ඇති එකම බාධාව බැසිල් රාජපක්ෂ මහතා බව පවසමින් විපක්ෂය ගෙනයන ප්‍රහාරය හමුවේ මෙම ඉල්ලා අස්වීම දේශපාලනික වශයෙන් වඩාත් දියුණු සහ තියුණු ඵලදායී ප්‍රවේශයක් වනු ඇති බවත් දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව තිබේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...