කැබිනට්ටුවට යනවාද ? – ධම්මික පෙරේරා දුන් පිළිතුර (VIDEO)

Date:

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්වන්නේද යන්න පිළිබඳව සමාජයේ සංවාදයක් ඇතිවී තිබේ.

මේ, ඒ සම්බන්ධයෙන් පෙරේදා (06) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සලකුණ” වැඩසටහනේදී ඒ මහතා පැවසූ අදහසයි.

“මේ වගේ අමාරු වෙලාවක අපි උදව් කරන්න හැමතිස්සෙම ලෑස්තියි. දැන් මම DP Education එක හදලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි, වෘත්තීය පුහුණු එකේ අපි පාඨමාලා 21ක් – විසිතුරු මසුන් ඇතිකිරීමේ ඉඳලා ඒ වගේ 21ක් – සූදානම් කරගෙන යනවා මිනිස්සුන්ට ඉගෙනගෙන ජීවත්වෙන්න. එච්චර ඕනෙ නෑ, ෆොන්ටේරා සමාගමත් එක්ක එකතුවෙලා කිරි හරක් දෙන්නා තුන්දෙනා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්නෙ කොහොමද කියලා වීඩියෝස් හදන්න ඔක්කොම පිටපත් ලියලා තියෙනවා. ෆොන්ටේරා සමාගමත් එක්ක කතා කළාම ඒගොල්ලො කිව්වා ඒ අය රටවල් 76ක තියෙනවා, මේ වගේ වැඩසටහනක් නෑ කියලා. ඉතින් එහෙම කිරිටික හරි නිෂ්පාදනය වැඩිකරන්න අපි කරන්න පුළුවන් හැමදේම පරිත්‍යාග කරලා තියෙන්නෙ. මම ඔය අනිත් මිනිස්සු වගේ නිකම් ඉන්නෙ නෑ, මම දන්නවා නම් මිනිස්සු අමාරුවෙ වැටෙනවා කියලා, මට උදව් කරන්න පුළුවන් නම් මම උදව් කරලා ඒ ඔක්කොම ගොඩගන්නවා. ඔයාලා දන්නවාද, ලංකාවේ රෝහල්වල 2%ක් තියෙන්නෙ මගේ ඇඳන්. ඔය රෝහල්වල 83000ක් තියෙන ඇඳන්වලින් සයිඩ් එකේ බෙඩ්ස් තියන ඔක්කොම මම පරිත්‍යාග කරපුවා. අද වෙනකල් මම නමක් ගහලා ඒවා මම පරිත්‍යාග කළේ කියලා නෑ. ඔය හැම ගෙවන බද්දකින්ම බෙහෙත් ගත්තත් අන්තිමට 5%ක් මම ගෙවපුවා. ඉතින් මම එහෙම බෝඩ් ගහගෙන පරිත්‍යාග කරන කෙනෙක් නෙවෙයි”

ප්‍රශ්නය – එතකොට මේ ප්‍රශ්නයේ අවසානයක් ලබන්න නම්, ධම්මික පෙරේරා කැබිනට් එක ඇතුළට යා යුතුමද ?

“මෙහෙමයි, ඒක ආණ්ඩුව තීරණය කරන්න ඕනෙ. හැබැයි මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නෙ මම කිව්වා වගේ ඩොලර් උපයන ව්‍යාපෘති 100ක් මාර්ග සිතියමක් හදලා ක්‍රියාත්මක කරලා, ඒකෙ කෑෂ් ෆ්ලෝ එක පෙන්නලා ණය ටික ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් මේකට නෑ”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...