*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ළමා අයිතිවාසිකම් අවනඩුවක් මැද පණිවිඩකරු දඩයම් කිරීම?

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රභල හඬක් නඟන ක්‍රියාකාරිනියක වන වෛද්‍ය තුශාරා වික්‍රමනායක මහත්මිය පසුපස අද (08) දින තමා පොලීසිය යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් ලුහුබැඳ තිබේ.

සිය කාර්යාලයේ තමා නොමැති අවස්ථාවක එම ස්ථානයට පැමිණ ඇති මෙම පිරිස වෛද්‍ය වික්‍රමනායක මහත්මිය මේ වන විට සිටින්නේ කොහේද යන්න එම ගොඩනැඟිල්ල භාරව සිටින පුද්ගලයාගෙන් විමසා ඇති අතර, එහි දී එම මහත්මිය නොසිටි බැවින් පැමිණි පිරිස පවසා තිබෙන්නේ ඇය ඇතුළු ක්‍රියාධරයන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට යොමුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමා පැමිණි බවයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍යවල සජීවී ප්‍රකාශයක් නිකුත් කරමින් වෛද්‍ය වික්‍රමනායක මහත්මිය පවසා සිටියේ, දරුවන් රැගෙන උද්ඝෝෂණ, විරෝධතා වලට නොපැමිණෙන ලෙසත්, අරගලවල දරුවන් පලිහක් කර නොගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම පවසා තිබෙන පසුබිමක, විරෝධතා ව්‍යාපාරවලට සාමණේර භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීමක් පිළිබඳ සිදුවීමකට අදාළව ජනාධිපතිවරයාට පැමිණිල්ලක් යොමු කිරීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු කළ බවයි.

මෙම පැමිණිල්ලට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිසි පිළිතුරක් ඉකුත් පෙබරවාරි 20 වන දින ලබා දී ඇති අතර, මේ සම්බන්ධව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයාට විමර්ශනයක් දියත් කරන මෙන් උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත්, ඉන් මත්තට එම පැමිණිල්ලට අදාළව කිසිඳු යාවත්කාලීනයක් නොලැබුණු බැවින් ඒ පිළිබඳව සිහිපත් කරමින් ඊයේ (07) දින නැවත වරක් ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමට තමා ඇතුළු ක්‍රියාධරයන් පිරිස කටයුතු කළ බව වෛද්‍ය වික්‍රමනායක මහත්මිය පවසයි.

මේ අතර, ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජන පිළිබඳව තොරතුරු ගොනුකරමින් සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයන් ඇතුළත් යෝජනාවලියක් ඇතුළත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, විද්වතුන් ඇතුළු පාර්ශවයන් 45 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත ඉකුත් මැයි 11 වන දින ඉදිරිපත් කර ඇති අතර, එම ලිපියට කිසිඳු ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් ලැබී නැත.

ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජන පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් ඊයේ (07) දින රාත්‍රියේ තමා විසින් සමාජ මාධ්‍ය ජාලවල පළකළ පෝස්ටුවකින් අනතුරුව මෙසේ පොලීසිය යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් තමා සොයමින් සිටින බවයි වෛද්‍ය වික්‍රමනායක මහත්මිය පවසා සිටියේ.

උක්ත සිදුවීම්වලට අදාළව නිසි බලධාරීන් විධිමත්ව දැනුවත් කර තිබෙන පසුබිමක පොලීසිය විසින් තමා සොයන්නේ මන්ද යන්න ප්‍රශ්න සහගත බවත්, තමා සොයමින් පැමිණි පිරිස තම කාර්යාලය භාරව සිටි වයෝවෘද්ධ පුද්ගලයාගෙන් තමාගේ ආගිය තොරතුරු පිළිබඳ ඔහුගේ අත්සනින් යුතු ලිඛිත ලියවිල්ලක් පවා ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් වෛද්‍ය වික්‍රමනායක මහත්මිය චෝදනා කර සිටියි.

මෙය ළමා ආරක්ෂණයට අදාළව සිදුවන සමාජ ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමේ වෑයමක් විය හැකි බවට ඒ මහත්මිය සැක පළ කර සිටියි.

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan