දස දහසකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික ප්‍රදානෝත්සවය ඇරඹේ ! (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කරන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් සහතිකපත් ප්‍රදානෝත්සවය අද (09) පැවැත්වේ.

ඒ, අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛාවල ඉගෙනුම ලබන ඒ ඒ සිසු සිසුවියන් සම්පූර්ණ කළ අදියර අනුව අද දිනයේ ප්‍රදානය කෙරෙන සහතික පත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සව අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද සහභාගී වී සිටී.

මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළුව මෙම උත්සවය සඳහා සහභාගී වී සිටින සම්පූර්ණ ජනකාය 10,000 කට අධික ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...