දස දහසකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික ප්‍රදානෝත්සවය ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කරන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් සහතිකපත් ප්‍රදානෝත්සවය අද (09) පැවැත්වේ.

ඒ, අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛාවල ඉගෙනුම ලබන ඒ ඒ සිසු සිසුවියන් සම්පූර්ණ කළ අදියර අනුව අද දිනයේ ප්‍රදානය කෙරෙන සහතික පත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සව අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද සහභාගී වී සිටී.

මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළුව මෙම උත්සවය සඳහා සහභාගී වී සිටින සම්පූර්ණ ජනකාය 10,000 කට අධික ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...