ජපුර ක්‍රීඩා සිසුන්ගෙන් මුලතිව් පාසල් දෙකක ක්‍රීඩාව නැංවීමට පහසුකම්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 08, කොළඹ (LNW): ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යාහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කරනු ලබන සිවුවන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්, ශ්‍රී ලංකාවේ පාසැල් තුළ ක්‍රීඩාවට උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් ක්‍රීඩා පහසුකම් ඇති කිරීමේ අරමුණ ඇතිව “ක්‍රීඩා සවිය” නමින් සාමූහික ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ජූනි මස 21,22,23,24 යන දිනයන් හී දී මුලතිව් ප්‍රදේශයේ පිහිටා ඇති දුෂ්කර පාසැල් දෙකක් වන කෝකිලායි සිංහල විදුහලේ වොලිබෝල් ක්‍රීඩාංගනය හා ක්‍රීඩාගාරය අලුත්වැඩියා කිරීමටත්, කෝකිලායි රජයේ දෙමළ මිශ්‍ර පාසැලේ වොලිබෝල් , පැසිපන්දු, පාපන්දු ක්‍රිඩාංගනය සහ ක්‍රීඩාගාරය අලුත්වැඩියා කිරීමටත් කටයුතු සකස් කර තිබේ.

ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩාවේ ගුණාත්මක වර්ධනයට අත්‍යවශ්‍යය සාධකයකි. එම විෂය සම්බන්ධයෙන් ඉහළ න්‍යාත්මක දැණුමක් ඇති පුරවැසියන් ලෙස අනාගතයට ප්‍රවේශවීමට නියමිතව සිටින පිරිස් හැටියට ජයවර්ධනපුර සරසවියේ විද්‍යාර්ථීන් විසින් කරනු ලබන මෙම ව්‍යාපෘතිය හෙට දවසේ ඔවුන්ට ක්‍රීඩාව වෙනුවෙන් කළ යුතු මෙහෙවර පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ඇති කරන එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...