(වොෂින්ටන් වෘකයා)
🎀ඡන්ද කල්දාන ගේම් මැද ඡන්ද මෙහෙයුම් මැදිරි අස්සෙන් මුලින් මහ ඡන්දයද….?
🎀රට ගොඩදාපු මට වගේම දැන් ඝාතකයා කියල ඉලෝන් මස්ක්ටත් බනින රටක් මේක….!
🎀ඉලෝන් මස්ක් වැනි ආයෝජකයන් ගැන ටියුෂන් ගුරෙකුගෙන් මාළිමාවට ටියුෂන්….?
🎀උස නම් කැබිනට් කොට නම් නියෝජ්‍ය…..?
🎀අයිරාංගනී සේරසිංහගේ මහ ගෙදර ගිය රනිල්…..?
🎀එකම සෙට් එකට අමුඩ සිවුරු අන්දනවා සේ ටයිකෝට් අන්දා ඉන්ජිනේරුවන් කිරීම…..?
🎀කපටි නරියා එජාප කුට්ටම ඇනීම…..?
🎀රගපු ඇමතිගෙ කරටි කැඩූ ටිරාන් ට කේක් උපහාර…….?
🎀ඇමෙරිකන් මහින්දගෙන් දැවැන්ත ටුවරිසම් ප්‍රමෝෂන්.
🎀බෝගොල්ලාගමට බ්‍රිතාන්‍ය බලවතුන් දෙදෙනාම එකවර හමුවීම…..?
🎀ඹසී යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් හා BOI ගිවිසුම්…….?
ඡන්ද කල්දාන මුට්ටි වලට කුඩු වෙන්න මිසයිල වදින අතරේ කපටි නරිය එජාප කෘත්‍යාධිකාරිය රැස් කළේය. මැතිවරණ ඉලක්ක කරමින් තනතුරු රැසක් ඇති කෙරිණ. එජාප සාමාජිකත්වය අත්හිටවා තිබූ රංජිත් මද්දුමබණ්ඩාර සාමාජිකත්වයේ යළි පිහිටවීම ද සිදු කෙරිණ.එජාප දේශපාලන සහයෝගීතාව පිළිබද කමිටුවට ද ඔහු පත් කෙරිණ.
ජාතික මැතිවරණ සංවිධායක හරීන් ය. එහි ලේකම් රවිය. නි : ලේකම් රොනල්ඩ් පෙරේරාය. භාණ්ඩාගාරික මිස්බා සතාර් හා එජාප නි: මහලේකම් ක්‍රිෂාන් තියඩෝර් ය. ස්මාට් වැඩ්ඩා හෙවත් කපටි නරියා තනතුරු කූට්ටම ඇනුවේ එසේය.
වැස්සෙන් ඇතිවූ ආපදා නිළ ලෙස ජනපතිට කීවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් දිනිත් ය. සාගල ට හා ඇමති ප්රමිතට කතාකල ජනපති අව උපදෙස් දුන්නේ ඒ තුළය.
සාගල මාතර සීතාවක කොළොන්නාව ඇතුළු තැන් වලට ගියේය. ජනතාව විපතට පත්වූවිට සජබ මරික්කාර් පොහොට්ටුවේ දොළවත්ත ද එක්වුව ද ජවිපෙ පැමිණියේ නැත.
“ජනතාව අසරණ වූ තැනක දී පවා සාමූහිකව වැඩ කරන්න ජවිපෙ ට ඔිනකමක් නෑ” හුග දෙනෙකු කීවෝය. වැඩේ දෙල් වූ බව දැනුන නිසාදෝ මාළිමා රෙදි සෝදන යූටියුබ්කරුවෙකු ලවා දුන් ගේම ද නෑවේය.
“ගංවතුර පිට දාගෙන හරි උන් එකතු වෙනවා” යුටියුබ්කරු කීවිට ජනතාවට යකා නැග්ග බව සමාජ මාධ්‍ය වල ප්‍රතිචාර කියා පෑවේය.
මාළිමා ඉන්ජිනේරුවන් බවට පිරිසක් රැස්කොට මාළිමාව ලොකු සද්දයක් දැම්මේය. ඊට පුතිචාර ලෙස බුකියේ තිබුණේ අපූරු කතාවකි.
“එකම සෙට් එකට අමුඩ ගස්සල ගොවියො කරන්නත් සිවුරු අන්දල හිමිවරු කරන්නත් ටයිකෝට් අන්දල ඉන්ජිනේරුවො කරන්නත් පුළුවන් මාළිමාවට විතරයි” යනුවෙන් කියවුණේ අසාමාන්‍ය උපහාසයක් ද සමගිනි.
ලොව ප්‍රමුඛම ඉලෝන් මස්ක් ට “ආර්ථික ඝාතකයෙකු කියා මාළිමා සිහින මුදල් ඇමති හදුනෙත්ති ඇදගෙන නෑවේය. ඊට මාළිමාව තුළින්ම ප්‍රහාර ආ නිසා මස්ක් ගෙන් ඔහු සමාව අයදුව ද වැඩේ ලැවිගිණි මෙන් පැතිර ගියේය. ඒ ගැන ටියුෂන් ගුරෙකු මාළිමාවට දුන් ටියුෂන් ප්‍රහාරය නැගලාම ගියේ මාළිමාවට ඇඩ්රස් නැති කරමිනි.
“මාළිමාව නැගපු කාලය ඉවරයි දැන් එයාලම බස්ස ගන්නවා” මහාචාර්ය ආශු කීවේ සිනා මැදය.
තම මවගේ ගම සේදවත්කට ගිය ජනපති ගංවතුර ගැන සොයා බලා කොළොන්නාවට ද ගියේය. අනවසර ඉදිකිරීම් හා පහත් බිම් ගොඩ කිරීම නවතන කැබිනට් පත්‍රිකාවක් වහාම සැකසීය.
කැබිනට් එකෙන් පසු දේශපාලන කැබිනට්ටුව ද පසුව ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීම ද පැවති අතර ඒ හැම තැනම උපන් දින කේක් බහුල විය. ඒ ඇමති ටිරාන් වෙනුවෙනි.
“දෙමළ නළුවට ඇදලා පිස්සු කෙළපු තොණ්ඩමන්ගෙ ආරක්ෂකයින් කොළඹ කැදවල එයාගෙ කරටිය කරකවල දාපු එක දගලන හැමෝටම පාඩමක්” කවුරුත් කීවේ ටිරාන්ට සුබ පතමිනි.
රුවන්වැල්ලේ ඔප්පු දීමට ගිය කපටි නරියා ගින්දර කතාවක් කළේය.
“සමෘද්ධිය වගේ තුන්ගුණයක් අස්වැසුම දෙනවා.ඉඩම් ඔප්පු නිවාස පැවරීම හාල් පඩි 10,000 දුන්නා. ඉන්දන ගෑස් පෝර ඖෂධ දැන් තියෙනවා. සමහරු ට්‍රැක් සපත්තු සොයද්දි මම සෙරෙප්පු දාගෙන වැඩේ කලා. ගේ ගිණි තියපු නිසා මට ඇදුමක් ඉතිරි වුණේ නෑ. වැට් වැඩිකරන අමාරු තීන්දු ගත්තා. බැනුම් මැද රට ගොඩ දාපු මටයි ඝාතකය කියල දැන් ඉලෝන් මස්ක් ටත් බනිනවා. උස නම් කැබිනට් කොට නම් නියෝජ්‍ය ද නොබලා නිර්දේශපාලනික රජයක් මම ගෙනියන්නෙ” ඔහු කීවේය.
සුප්‍රකට අයිරාංගනී සේරසිංහ ගේ ද මහ ගෙදර වන මීදෙනිය වළව්වට ද ජනපති ගියේ නෑකම් පොලිෂ් කිරීමට ය. ගංවතුරෙන් අනාථ වූ පිරිස් ගැන ද ඔහු අවධානය දැක්වීය. හෙලිකොප්ටරයෙන් දුටු දසුන් දැක සහන ගැන උපදෙස් දුන්නේය.
රවීන්ද්‍ර රන්දෙනිය ගේ සිනමා දිවියට වසර 50 සැමරුමට ගිය ජනපති කැළණියේ රසකතා කිහිපයක්ම කීවේය. ඉන්දීය ඡන්ද පුතිළුල ගැන අවධානයෙන් සිට මෝදි ගේ ජය තහවුරු වූ සැනින් ඔහු ඇමතීය.
“ශ්‍රී නේරු ගෙන් පසු තුන්පාරක් දිනපු කෙනා ඔබයි” රනිල් කීය.
“ඒව දැන් ඉන්දියානුවන්ටත් අමතකයි. ඔබ මගේ දිවුරුමට එන්න” මෝදි කීවේ කපටි නරියාට තවත් රට සවාරියකට පොට පාදමිනි.
අර්නස්ට් ද සිල්වා මාවතේ එජාප දේශපාලන මෙහෙයුම් මැදිරිය විවෘත කෙරිණ.”ආරම්භය – The Start” එය නම් කොට තිබිණ.
“කෙනෙකුට අත්සන් දෙකක් බෑ. ඒත් මේ තේමාව නිසා මම භාෂා දෙකෙන්ම අත්සන් කළා” ජනපති කීය.
අගමැති,නිමල්, රමේෂ් වජිර, ලන්සා ආදී පිරිසක් පැමිණ තිබිණ.
“75 සාපය ගැන කියන අයට උත්තර දෙන්න ඹිනෑ” එහිදී කියවින.
“එහෙම සාපයක් තියේ නම් ජවිපෙ යි කොටි යි ඊට වගකියන්න ඔිනෑ. වසර 02 ට අපි කරපු වැඩ කිව්වම 75 කතා ඉවරයි” කපටි කරියා ස්මාට් ලෙස වැඩ දමමින් කීවේ මැතිවරණ උපායක් ලීක් කරමිනි.
“ඡන්ද කල්දාන්න කතා කරන ගමන් ඡන්ද මෙහෙයුම් මැදිරිත් අරින එක හිතා ගන්න බෑ.මුලින් මහ ඡන්දෙද” ඇමති මනුෂ කීය.
” බලන් ඉන්න , බලන් ඉන්න” කපටි නරියා කීවේ එහෙමය.
සරත් වීරසේකරගේ චිත්‍රපටය නැරඔිමට ගිය සාගල ට දිලිත් හමුවිය. දෙදෙනාගේ දීර්ඝ කතාබහ ගැන පිරිස බැලුවේ විචිකිච්චාවෙනි. හොද ගමනක් පැමිණි දිලිත් ජාතිවාදීන් ගේ නරාවලට වැටීම ගැන සාගල ඇසුවාසැයි දන්නේ නැත.
ජනපතිගේ මාතර රැළිය සංවිධානයට සාගල එහි ගොස් එජාප අය සමග සාකච්ඡාවක් කළේය. නුදුරින් එම රැළිය ගැනම ඇමති කාංචන කතාබහ කළේ පොහොට්ටු පිරිසක් සමගිනි. සාගල සිටි තැනට ආ කාංචන එම පිරිස ඇමතීය. පසුව සාගල කාංචන සමග ගොස් පොහොට්ටු පිරිස ඇමතීය.
“ගං ඉවුරු දෙකේ හිටපු අපි රට ගොඩදැමූ ජනපති වෙනුවෙන් එකම අරමුණක යනවා” අයෙකු කීවේ හැගීම්බරවය.
ඇමෙරිකන් මහින්ද ලංකාවට වාසි ගේන විවිධ ව්‍යාපෘති කරයි. ඇමෙරිකානු විදේශ සේවා ජාත්‍යන්තරය ඔවුන්ගේ මුදලින් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේ දී සංවිධානය කල සැදෑවෙන් ලංකාවට ප්රචාරක වාසි රැසක් ලැබුණේ ය.
එහිදී ඇමෙරිකන් මහින්දගේ කතාව පැසසුමට ලක්විය.
” ඇමෙරිකාවෙන් ආව ඔිල්කට්තුමා ආනන්ද මහින්ද ධර්මරාජ මියුසියස් ඇතුළු බෞද්ධ විදුහල් වල කොදුනාරටිය තැනුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කලා. ඇමෙරිකාවෙන් ආව ජෝන් එක්ස්ටර් ලංකාවෙ මහබැංකු නීති හදල පළමු අධිපති වුණා. ලංකාවෙ හැතැප්ම 800 ක වෙරළක් ලෝක උරුම 08 ක් ජාතික වන උද්‍යාන 15 තියෙනවා. ලොව ලොකුම සත්වයන් දෙන්නා නිල් තල්මසා හා අලියාත් බලලා ලංකාවේ සුපිරි කෑම කමින් හරිත පරිසරය හා අපූරු සංස්කෘතිකාංග නරඔන්න ලංකාවට එන්න” මහින්ද ආරාධනා කළේ ඉහළ ප්‍රතිචාර මැදය.
බ්‍රිතාන්‍ය යේ මහකොමසාරිස් බෝගොල්ලාගමට මේ සතිය වාසනාවන්තය. ඒ අක්ත පත්‍ර දීමට චාල්ස් රජු මගහමුවීමට බකිංහැම් මාළිගයට යාම හා උත්සවයකදී අගමැති සුනක් හමුවීමය. දෙදෙනාටම ඔහු ලංකාවේ වත්මන් ගොඩයාම පැහැදිලි කළේය.
ඕස්ට්‍රෙලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට බලශක්ති අමාත්‍යාංශය හා ගිවිසුම් ගතවීමේ දෙවන පියවර ලෙස ඉන්දන බෙදා හැරීමට අදාළ ගිවිසුම BOI සභාපති දිනේෂ් වීරක්කොඩි සමඟ පසුගියදා අත්සන් කළහ.