දකුණු කොරියාවේ ගිණි තැබීමක් හේතුවෙන් හත් දෙනෙක් මරුට

Date:

දකුණු කොරියාවේ Daegu නගරයෙහි නීති ආයතනයක් ඉලක්ක කොට ගිනි තැබීමක් සිදුකළ බවට සැක කෙරෙන ප්‍රහාරයකින් , පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ දිසා අධිකරණය අසල කාර්යාල ගොඩනැගිල්ලක බ්‍රහස්පතින්දා උදෑසන ඇති වූ ගිනිමය පිපිරීමෙන් අවම වශයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 46ක් පමණ වන බව කියැවේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තව දුරටත් හේතුව අනාවරණය නොවන අතර , එය ගිණි තැබීමක් විය හැකි බව පොලීසිය විශ්වාස කරන බව වාර්තා වේ.

සැකකාර අපරාධකරු වයස අවුරුදු 50ක පමණ පුද්ගලයකු වන අතර , ඔහු එම ස්ථානයේදීම මියගොස් සිටි බව බලධාරීහු පවසති.

ගින්න හටගත් පසු ගිනි නිවන භටයන් 150කට අධික පිරිසක් මධ්‍යම ස්ථානයට යොදවා ගින්න නිවීමට උත්සහ ගත් අතර , විනාඩි 20 ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගත වූ බව නිලධාරීහු පවසති.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...

වැසි තත්වය තවදුරටත් වෙනස් වෙයි – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 18) දිනයේදී බස්නාහිර සහ...

නරක තොණ්ඩමන් හොඳවෙයි. මාලිමාව තොණ්ඩමන් සමග එක්ව සභා දෙකක බලය පිහිටුවයි !

ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු...