සරණට වැටුණු මාංචු!(PHOTOS)

කොළඹ LNW: දුෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් කොළඹ මහාධිකරණය විසින් අද (09) සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව එම නඩු සඳහා ඔහුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව හතර ගොනුකර තිබුණි.

විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිල්ල විසින් ඔප්පු කර තිබෙන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහිද අගතියක් සිදුවන බවත් ආර්ථිකය බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්‍රියා බලපා ඇති බවත්ය.

ඒ අනුව බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...