වතු ප්‍රජාවේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙන එයි (VIDEO)

Date:

2022 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව මෙරට තේ නිෂ්පාදනයේ සීඝ්‍ර අඩුවීමක් සිදුව ඇති අතර, එය මෑතකාලීනව වාර්තා වූ අඩුම තේ නිෂ්පාදනය ලෙස සැලකේ. මෙයට ප්‍රධානතම හේතුව පැවති රජයේ කාබනික නාඩගමයි. එමෙන්ම, තේ සඳහා ලෝක වෙළඳපොළ තුළ ඉහළම මිලක් වාර්තා වූ පසුගිය වසරේ දී තේ නිෂ්පාදනයේ සිදු වූ සීඝ්‍ර අඩුවීම නිසා එම මිල වැඩිවීමේ වාසිය තේ කර්මාන්තකරුවන්ට නොලැබුණි.

තේ කර්මාන්තයේ බිඳ වැටීම හැරුණු කොට ඒ ආශ්‍රිතව සේවය කරනු ලබන ශ්‍රමිකයින් ද අද ගැටලු රාශියකට මුහුණ දෙනු ලබයි. බොහොමයක් වතු නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා වල් වැදී ගොස් සත්ත්වයින්ගෙන් සිදුවන හානි වැඩි වී ඇත. නමුත්, මෙම තත්ත්වයන් කළමනාකරණය සඳහා රජය හෝ අදාල වතු හිමියන් විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

එපමණක් නොව, මෙරට වතු ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින්ට රුපියල් දහසක දීමනාවක් ලබා දෙන බව රජය සිදු කළ ප්‍රකාශ තාක්ෂණික කරුණු මත මඟහරින දේශපාලන පොරොන්දුවක් පමණක් වී ඇත. වතු ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින්ට මේ වනවිට හිමිවන දීමනා සියල්ල එකතු කළ ද එය පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවත්වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

මේ කරුණු පිළිබඳව සැලකිල්ලට ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්නයක් අසනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...