*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර සහයෝගීතාව අපේක්ෂා නොකර රටේ ඉදිරි අයවැය සඳහා වෙනත් විකල්පයක් නෑ – බන්දුල

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 169ක් එකතු කර තිබෙන බවත්, මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියන බිලියන 20ක් එකතු කර තිබෙන බවත්, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

බදු නොවන ආදායම රුපියල් බිලියන 219ක් වන බවද ඒ මහතා කියා සිටියේය.

එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.මෙම ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන පාර්ශ්ව රටට පැවසිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා තවදුරටත් පැවසූවේ,

” මේ වන විට විවිධ පාර්ශ්වයන් විරෝධතා, වර්ජන උද්ඝෝණ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා විසඳුම් නිර්දේශ ඉදිරිපත් කොට 2025 අයවැය ලේඛනයෙන් සම්පූර්ණ විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණයකට ද එළඹුණා.

රජයට කෙතරම් අවශ්‍යතා තිබුණත් 2024 අයවැය ලේඛණය මඟින් අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හැකිවක් නැහැ. පසුගිය දශක හතරක පමණ කාලයක සිට ආණ්ඩුවක් කටයුතු එදිනෙදා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් පුනරාවර්තන වියදම් වෙනුවෙන් අදායමක් නොතිබූ බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

2023 වසරේ දී සියළුම බදු වර්ග වැඩිකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1550ක් එකතුකර තිබෙනවා. ආනයන අපනයන බදු මඟින් රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 923ක් එකතුකර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 169ක් එකතු කර තිබෙනවා. මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියන බිලියන 20ක් එකතු කර තිබෙනවා. බදු නොවන ආදායම රුපියල් බිලියන 219ක් වනවා.

ඒ වගේම ආධාර ලෙස රුපියල් බිලියන 16ක් ලැබී තිබෙනවා. විවිධ තැන්පත් මඟින් රුපියල් බිලියන 304ක් ලැබී තිබෙනවා. ඒ අනුව සියළුම මාර්ග ඔස්සේ ලැබී ඇති සම්පූර්ණ අදායම් ප්‍රමාණය රුපියල් බිලියන 3201ක් ලෙස සටහන් වනවා.

කෙසේ වෙතත් මෙම ආදායම් මඟින් ඕනෑම රජයක් එදිනෙදා පවත්වාගෙන යාම මෙන්ම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාමික වැටුප්, සමෘද්ධි, අස්වැසුම වැනි සහනාධාර සහ ණය සඳහා පොලිය ද ගෙවිය යුතු වනවා. ඒ සඳහා 2023 වර්ෂයේ දී පමණක් රුපියල් ට්‍රිලියන 4.3ක් වැය වී තිබෙනවා.

එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු වනවා. ඒ අනුව 2025 වර්ෂය ලබන විට බාහිර විදේශ සම්පත් පරතරය ජාත්‍යන්තර ගනු දෙනු කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ.ඒ සඳහා අතීත වර්ෂයන්හී අත්දැකීම් අනුව අමෙරිකානු ඩොලර් බිලියන 5018ක් අවශ්‍ය වන බව පුරෝකතනය කෙරෙනවා.

ඒ වගේම ඉදිරි අයවැය සකස් කෙරෙන ඕනෑම ආණ්ඩුවක් මෙම මුදල් සපයා ගත යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 663ක් ලබාදීමට එකඟවී තිබෙනවා.

එහිදී අයවැය හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ලබාදීමට එකඟ වී තිබෙනවා. ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ලබාදීමට එකඟවී තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 3655ක ණය සහනයක් ලැබෙනු ඇතැයි උපකල්පනය කෙරෙනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස එකඟ වී ඇති පරිදි ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන පාර්ශ්ව රටට පැවසිය යුතුයි. ඒ අනුව ජාත්‍යන්තර සහයෝගීතාව අපේක්ෂා නොකර මේ කාටවුවත් රටේ ඉදිරි අයවැය සඳහා වෙනත් විකල්පයක් නැති බව ද පැවසිය යුතුයි

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan