Thursday, June 1, 2023
spot_img

Latest Posts

හිටපු අගමැති මහින්ද ඇතුළු 39කට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම වෙයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 39කට එරෙහි ව ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම අද (10) නියම කළේය.

රජයේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය හා අදූරදර්ශී තීරණ හේතුවෙන් වර්තමානයේ රට තුළ ආර්ථික අර්බුදයක් හා දරාගත නො හැකි උද්ධමනයක් නිර්මාණය කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පවසමිනුයි එම පෙත්සම ගොණු කර තිබුණේ.

ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු තිදෙනෙකු විසින් එම පෙත්සම ගොණු කරන ලදී.

එම පෙත්සම අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.