ප්ලාස්ටික් කන පණුවන් – ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසකි

Date:

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් Polystyrene (පොලිස්ටයිරින්) ආහාර වේලක් මත ජීවත් විය හැකි සුපිරි පණු විශේෂයක් සොයා ගෙන ඇත.

ඔවුන් විස්වාස කරන්නේ මෙම පණුවන්ගේ ශරීරයේ බඩවැල් වලින් නිපදවෙන එන්සයිමයක් හරහා ප්ලාස්ටික් ජීර්ණයට පත්වන බවයි. එය ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

මේ පිළිබඳ පර්යෝෂණයේ නිරත වූ වෛද්‍ය ක්‍රිස් රින්කේ ප්‍රකාශ කරනු ලැබුවේ මෙම සුපිරි පණුවන් ප්‍රතිචක්‍රීකරණය කරන කුඩා ශාක වලට සමාන බවත් ඔවුන්ගේ මුඛයෙන් පොලිස්ටයිරින් ඉරා දමා එමගින් ඔවුන්ගේ බඩවැලේ ඇති බැක්ටීරියා පෝෂණය කරගන්නා බවත් , ඔහු ප්‍රකාශ කර තිබේ.

Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සති තුනක් මෙම සුපිරි පණුවන් වෙනුවෙන් විවිධ ආහාර ලබා දී ඇත. එහිදී පොලිස්ටයිරින් ආහාරයට ගන්නා ලද පණුවන්ගේ බර අනෙකුත් පණුවන්ට සාපේක්ෂව වැඩි වී ඇත. මෙහිදී පර්යේෂකයන් උත්සහ කරන්නේ මෙම පණුවන් හරහා ප්‍රතිචක්‍රීකරණය සඳහා වඩාත් ඵලදායී එන්සයිමය හඳුනා ගැනීමටය.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාල පර්යේෂක මහාචාර්ය කොලින් ජැක්සන් පවසන්නේ මෙම පර්යේෂණය තවත් පියවරක් ඉදිරියට ගෙන යන බවයි.

එනම් මෙම සුපිරි පණුවාගේ බඩවැල් වල ඇති බැන්ටීරියා අණුක මට්ටමෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න වැදගත් පර්යේෂණ ධාරාවකි. එය ප්‍රතිචක්‍රීකරණයේ දී භාවිත කිරීම සඳහා වැදගත් බව ඔහු විසින් පෙන්වා දෙයි.

ජාත්‍යන්තරික වශයෙන් මේ වන විට ප්ලාස්ටික් විනාශ කිරීමට බැක්ටීරියා හා දිලීර වර්ග භාවිතා කිරීමට පර්යේෂකයන් සමත් වී ඇත. නමුත් මෙම සුපිරි පණු විශේෂය වඩාත් ප්‍රතිඵලදායක නව බලාපොරොත්තුවක් බව මහාචාර්ය කොලින් ජැක්සන් ප්‍රකාශ කර තිබිණ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...