කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් ඊයේ (09) දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රය ආශ්‍රිතව සිදු කෙරිණි.
2026 අයවැය යෝජනා මගින් ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන බස් නැවතුම්පොළ, අධිකරණ ,පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් ම්ලියන1000ක ප්‍රතිපාදන වෙන් කරන ලදි.
ඒ අනුව දිවයිනම ආවරණය වන ලෙස ආබාධ සහිත පුද්ගලයන්ට සෙවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් සැලසුම් කර ඇත.
ඊට සමගාමීව මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 17ක දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන් හා ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් සඳහා ආබාධ සහිත තැනැත්තන් තෝරාගෙන අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලදි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුව ලැබූ නිලධාරීන් සම්බන්ධකර ගනිමින් බත්තරමුල්ල, සෙත්සිරිපාය අදියර එක සහ අදියර දෙකෙහි විගණනය සිදු කිරීම ආරම්භ කරන ලදි.
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මත්‍රිනායක මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලී වික්‍රමාඅරච්ච් මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් , නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, විගණන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


