අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේදී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍යයි – සාගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී කටයුතු කරන්නේ තරුණ පරපුරේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බවයි ඒ මහතා සඳහන් කළේ.

සාගල රත්නායක මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

එහිදී යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට ඒ මහතා පිළිතුරු ලබා දුන් අතර, තරුණ පාර්ලිමේන්තුව සඳහා සක්‍රීය සහභාගීත්වය වෙනුවෙන් සාමාජික සාමාජිකාවන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ද එක්වූයේය.

ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරය ජූනි 08 සහ 09 දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...