වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival!

කොළඹ LNW:විවිධ හේතු මත නතර වී තිබූ ජපානයේ වාර්ෂික පවත්වන “ශ්‍රී ලංකා මහෝත්සවය” වසර හතරකට පසු මේ වසරේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසයි.

Sri Lanka Festival යනු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වසරකට වරක් හමුවන දැවැන්තතම ලාංකික ඉසව්ව වේ.

ඒ අනුව ටෝකියෝ Yoyogi Park හි ජූනි මස 15/16 යන දෙදින පෙරවරු 9.00 සිට සවස 7.00 දක්වා මෙම ලංකේය සංස්කෘතික විවිධත්වයෙන් අනූන උත්සවමාලාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජපාන ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසයි.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නැටුම්, සංගීතය සහ සැබෑම විවිධ ශ්‍රී ලාංකික ආහාර රස විඳින්න හා විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද අපගේම තැඹිලි ගෙඩියක් පානය කිරිමටඅවස්ථාව ලැබීමද මෙම ප්‍රදර්ශන පරිශ්‍රයේ ඇති සියලුම ආහාරපාන,බීම වර්ග ලංකාවේ සිට රැගෙන එන ඒවා පමණක්වීම ද මෙහි ඇති සුවිශේෂත්වය බවයි ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති අනිල් ප්‍රියන්ත ගමඇතිගේ මහතා සඳහන් කරන්නේ.

ජපානයේ ශ්‍රී ලංකා මහෝත්සවය පැවැත්වීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය හිමිව ඇති බවත්,මේ සංවිධාන කටයුතුවලදී ජපානයේ වාහන ආනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලාංකේය විද්වතුන්ගේ සංගමය, ශ්‍රී ලංකා සංගමය, ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය ඇතුළු සංවිධාන රැසක සහය ලැබුණු බව සංවිධායක මණ්ඩලය පවසයි.

එහි සියලු සංස්කෘතිකාංග, නර්තන ගායන ඇතුළු ප්‍රාසාංගික ඉසව් ඉදිරිපත් කරන්නේ ජපානය වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන් හා තරුණ තරුණියන් වීම ද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

වර්තමානයේ ජපානයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ථේරවාදී ලාංකේය විහාරස්ථාන දොළහක් පමණද ස්ථාපිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...