යුරෝපයේ වෙසෙන තරුණ සංවිධාන රාශියක මෙහෙයවීමෙන් “The Peaceful Talks” නමින් වට මේස සාකච්ඡාවක්!

Date:

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :
යුරෝපයේ වෙසෙන තරුණ සංවිධාන රාශියක මෙහෙයවීමෙන් “සාමයට මගපෙන්වන සංවාදය (The Peaceful Talks)” නමින් වට මේස සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය අසලදී පසුගියද පැවැත්විය. ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අසල පිහිටි බිම් බෝම්බ වලින් වන විනාශය සංකේතවත් කෙරෙන යෝධ පාද තුන හමාරේ පුටුව යටදී මෙම සාකච්ඡාව පැවැත්විණ.

වට මේස සාකච්ඡාව අවසානයේදී විවිධ රටවල් නියෝජනය වන සේ සංවිධානය වූ සාම්ප්‍රදායික නැටුම් වාදන සහ ගායනා වලින් සමන්විත වූ අලංකාර සාම පා ගමනක් ද ක්‍රියාත්මක කෙරිණි.

එම වට මේස සාකච්ඡාවට සහභාගි වනලෙසට ලැබුණු ඇරයුමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජීනීවා නුවර අන්තර් ජාතික බෞද්ධ විහාරයේ ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක හිමියන් සහ පූජ‍්‍ය හල්විටිගල සුජාත යන හිමිවරුන් ද එම සාම පා ගමනට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...