වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇමති බිමල්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ප්‍රවාහන , මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහභාගී වී ඇත.

එහිදී ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලු අමාත්‍යවරයා මේ වසර ඇතුළත දී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ කඩිනමින් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිමකිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.

 2014 සිට 2022 වසර දක්වා කිසිඳු ඉදිකිරීමක් සිදුනොකළ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2022 සිට ඉබිගමනේ සිදු වූ බවත් වත්මන් රජය බලයට පත්වූ පසු ව්‍යාපෘතියේ සැළකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතිබවත් එය තවදුරටත් වේගවත් කළ යුතු බවත් පැවසූ ඇමතිවරයා නැගෙනහිර පර්යන්නය(ECT) වරාය සේවකයින් විසින් දිනාගත් සම්පතක් බවත් එය කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ෂවයකට ලබානොදෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ  යටතේ  වඩාත් කාර්‍යක්ෂම සහ නවීන කළමනාකරණ ව්‍යුහයකින් යුක්තව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටත්  උපදෙස් ලබාදුන් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...