මේ ආණ්ඩුව තියෙනකල් රට ගොඩගන්න බෑ – මෛත්‍රී (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයේ සිටින තුරු රට ගොඩගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“අපි දැන් මාස තුනක ඉඳන් කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, 15 විතර ඇමති මණ්ඩලයක් එක්ක සුළු කාලයකට, මැතිවරණයක් දක්වා කියලා. එතකොට ලෝකෙ රටවල් හුඟක් උදව් කරනවා. විශේෂයෙන්ම මේ රජය වෙනස් වෙනකල්, වෙනත් රජයක් එනකල් මේ රට ගොඩගන්න පුළුවන්කමක් නැහැ. මේ රට ගොඩගන්න පුළුවන් එකම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, ඒ තුළ ලෝකයේ රටවල් උදව් කරයි”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පොලොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...