Thursday, March 23, 2023
spot_img

Latest Posts

ලිට්‍රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද? (VIDEO)

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ,අද (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔවුන්ට ලැබී ඇති තොරතුරු අනුව ගෑස් මිල ඉහළ යාමත් සමඟ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සඳහා කවරෙකු හෝ සභාපතිවරයාට බල කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙත් රටේ පවතින තත්ත්වය සමඟ,ජනතාව මුහුණ දී සිටින අසීරු තත්ත්වය මත එවැනි දෙයකට එකඟ වීමට නොහැකි වීම හේතුවෙන් සභාපතිවරයා හදිසියේම ඉල්ලා අස් වී තිබෙන බව හෙතෙම කියා සිටියේය.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.