ජීනිවා රන් පදක්කම සාරංගිට

ශ්‍රී ලංකා දුර පැනීමේ සූරිය සාරංගි ද සිල්වා ජීනිවා හී අද (ජූනි 11) පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ කාණ්ඩයට අයත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගයේ දී මීටර් 6.33 ක් ක් දුර පනිමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය.

තරගයට පෙරාතුව දක්ෂතා අනුව ද සාරංගි උළෙල නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් අතර සාරංගි සිටියේ මුල් තැනය.ඇය මීටර් 6.55 ක දක්ෂතාවයක් දැක්වා තිබුණු අතර දෙවන තැන සිටි චීලි ක්‍රීඩිකා මුනෝස් රුසියෝ සිටියේ මීටර් 6.44 ක දක්ෂතාවයක් දක්වමින්ය.තෙවන ස්ථානයට දක්ෂතා දක්වා තිබුණේ ස්විට්සර්ලන්තයේ එමා ෆිෆරෙට්ටි ය.ඇය දක්වා තිබුණ දක්ෂතාවය මීටර් 6.38 ක් විය.

තරගයේ දී එම දක්ෂතාවලට සමීප වීමට ක්‍රීඩිකාවන්ට අසීරු වුව ඒ මොහොතට අදාළ දක්ෂතා සැළකිල්ලට ගැනීමේ දී සාරංගි ගේ දක්ෂතාවය වූ මීටර් 6.33 පළමු තැන රැඳිණ.චිලී හී මුනෝස් රුසියෝ දෙවැන්නිය වූයේ මීටර් 6.28 ක දක්ෂතාවයකින්ය.මිටර් 6.00 දක්ෂතාවයකට පිවිසි අයර්ලන්තයේ මිලට් රුබී ට තෙවන තැන අත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...