ලංකාවේ හෙල්ලයේ වත්මන් සහ අනාගත එල්ල දකුණු කොරියාවට

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 12, කොළඹ (LNW):දකුණු කොරියාවේ මොක්පෝ හී පැවත්වෙන ආසියානු වීසිකිරීමේ සූරතාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගි වෙති.පරම්පරා දෙකක නියෝජනයක් ලෙස ගත හැකි මෙවැනි තේරීම් වැදගත් වන්නේ අනාගතය භාර ගැනීමට සිටින දක්ෂයන්ට තමන්ට වඩා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්,ක්‍රීඩා කිරීමේ අත්දැකිම් එකතු කර ගැනීමටත් අවස්ථාව ලැබෙන නිසයි.


තරගාවලියට සහභාගි වන ජ්‍යෙෂ්ඨයන් වන්නේ නදීශා දිලිහානි ලේකම්ගේ සහ සුමේධ රණසිංහයි.අනාගත බලාපොරොත්තු ලෙස මේ තරගාවලියට රොමේෂ් තරංග සහ ඩයනා හර්ෂණී කණ්ඩායමට එකතු කර තිබෙනවා.කණ්ඩායමේ පුහුණුකරු ලෙස ටෝනි ප්‍රසන්න සහභාගි වන අතර කණ්ඩායම් කළමණාකරු ලෙස තරගාවලියට එකතු වන්නේ සමීර ලක්රුවන් පෙරේරා යි.


ඡායාරූපයේ දැක්වෙන් මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සමඟ ලේකම් සමන් කුමාර ගුණවර්ධන සමඟ දංචාරයට සහභාගි වන නිලධාරීන් සහ ක්‍රීඩකයින් සමූහ ඡායාරූපයතට පෙනී සිටි අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...