පැරණි හද ගැස්මේ TiKTok රංගනය.

Date:

ඔකායාමා ප්‍රාන්තයේ වේක් හි ජනගහනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවුරුදු 50-60 ගණන්වල පසුවන ජපන් ජාතිකයන් සිවු දෙනෙකු TiK Tok භාවිතා කරමින් කරන ලද නර්තනය හේතුවෙන් මේ වන විට කතාබහට ලක්ව ඇත.

“Ojiqun” (“පැරණි හද ගැස්ම”) ලෙස හඳුන්වනු ලබන මෙම කණ්ඩායම ඔවුන් විවිධ වර්ණයෙන් යුත් උදර පළඳනා පැළඳ , දිගු අත් සහිත කමිස, ටයි සහ කලිසම් වලින් සැරසී, මෙලෙස iසිය නර්තනය ඉදිරිපත් කරයි.

TikTok හි අනුගාමිකයන් 34,500 කට වඩා සිටින අතර මෙම කණ්ඩායම නූතන පොප් ගී වලට සිය රංගනය ඉදිරිපත් කරනු දක්නට ලැබේ.

මෙම නර්ථන කණ්ඩායමට අයත් සාමාජිකයෙකු වන ශිරේස් තොරතුරු තාක්‍ෂණ සමාගමක් සහ ගෙවතු වගා ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකි. ඔහු ඔවුන්ගේ TiK Tok වීඩියෝ පිළිබඳ ප්‍රකාශ කළේ අපගේ වයස්ගත ගම්බද ප්‍රජාවට පුනර්ජීවනයක් ලබා දෙන යමක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බවයි.

14,000 ක් පමණ පදිංචිකරුවන් සිටින වේක් මේ වන විට ජනගහන පරිහානියකට මුහුණ දී සිටීයි.මේ වන විට ඔහුගේ පැරණි ප්‍රාථමික පාසල සහ ප්‍රාදේශීය සාප්පු මධ්‍යස්ථානයක් වසා දැමීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මිලියන 13.7කට වඩා නැරඹුම් වාර ගණක් ඇති My name is වීඩියෝව ලෝකය පුරා රසිකයන් රැසක් තමන් වෙත ඇඳ බැඳ තබා ගැනීමට ඔවුන් සමත් වී තිබේ. සංචාරකයින් ලෙස හෝ නව පදිංචිකරුවන් ලෙසින් වේක් වෙත පැමිණීමට මිනිසුන් දිරිමත් කිරීමට අපි බලාපොරොත්තුවන බව මෙම TiKTok කණ්ඩායම මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...