පැරණි හද ගැස්මේ TiKTok රංගනය.

Date:

ඔකායාමා ප්‍රාන්තයේ වේක් හි ජනගහනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවුරුදු 50-60 ගණන්වල පසුවන ජපන් ජාතිකයන් සිවු දෙනෙකු TiK Tok භාවිතා කරමින් කරන ලද නර්තනය හේතුවෙන් මේ වන විට කතාබහට ලක්ව ඇත.

“Ojiqun” (“පැරණි හද ගැස්ම”) ලෙස හඳුන්වනු ලබන මෙම කණ්ඩායම ඔවුන් විවිධ වර්ණයෙන් යුත් උදර පළඳනා පැළඳ , දිගු අත් සහිත කමිස, ටයි සහ කලිසම් වලින් සැරසී, මෙලෙස iසිය නර්තනය ඉදිරිපත් කරයි.

TikTok හි අනුගාමිකයන් 34,500 කට වඩා සිටින අතර මෙම කණ්ඩායම නූතන පොප් ගී වලට සිය රංගනය ඉදිරිපත් කරනු දක්නට ලැබේ.

මෙම නර්ථන කණ්ඩායමට අයත් සාමාජිකයෙකු වන ශිරේස් තොරතුරු තාක්‍ෂණ සමාගමක් සහ ගෙවතු වගා ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකි. ඔහු ඔවුන්ගේ TiK Tok වීඩියෝ පිළිබඳ ප්‍රකාශ කළේ අපගේ වයස්ගත ගම්බද ප්‍රජාවට පුනර්ජීවනයක් ලබා දෙන යමක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බවයි.

14,000 ක් පමණ පදිංචිකරුවන් සිටින වේක් මේ වන විට ජනගහන පරිහානියකට මුහුණ දී සිටීයි.මේ වන විට ඔහුගේ පැරණි ප්‍රාථමික පාසල සහ ප්‍රාදේශීය සාප්පු මධ්‍යස්ථානයක් වසා දැමීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මිලියන 13.7කට වඩා නැරඹුම් වාර ගණක් ඇති My name is වීඩියෝව ලෝකය පුරා රසිකයන් රැසක් තමන් වෙත ඇඳ බැඳ තබා ගැනීමට ඔවුන් සමත් වී තිබේ. සංචාරකයින් ලෙස හෝ නව පදිංචිකරුවන් ලෙසින් වේක් වෙත පැමිණීමට මිනිසුන් දිරිමත් කිරීමට අපි බලාපොරොත්තුවන බව මෙම TiKTok කණ්ඩායම මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...