ගාසා පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇමරිකානු මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම”

රෂිකා හෙන්නායක ජුනි 12,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ වෙසෙන පිළිකා රෝගී දරුවන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා එතෙර වීමට අවසර දෙන ලෙස අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ඊශ්‍රායල රජයෙන් ඉල්ලා තිබේ.

ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ගාසාහි සෞඛ්‍ය පද්ධතිය බරපතල ලෙස විනාශ වී ඇති අතර, මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

රෝගීන්ට සහ ඔවුන්ගේ සහායකයින්ට බටහිර ඉවුරේ පිහිටි රෝහල් වෙත යාමට ආරක්ෂිත වෛද්‍ය කොරිඩෝවක් නිර්මාණය කරන ලෙස ලිපියක් මගින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින්, මෙම මානුෂීය අර්බුදය විසඳීමට මැදිහත් වන ලෙස අමෙරිකානු දේශපාලනඥයෝ අවධාරණය කරති.

මේ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ වගකීම් සහගත ලෙස රෝගීන් ඉවත් කිරීම සහ ඔවුන්ට නැවත සිය මව්බිමට පැමිණීමට ඇති අයිතිය සහතික කිරීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...