මාධ්‍යවේදියෙකුගේ නිවසකට පහරදීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

යාපනය දිස්ත්‍රීක් මාධ්‍යවේදියෙකුගේ නිවසට අද අලුයම් කාලයේදී නාඳුනන පිරිසක් විසින් ඇතුලු වී සිදුකල ප්‍රහාරයක් හේතුවෙන් දේපල රැසකට හනි සිදුව තිබෙන බව පැවසේ.

අලුයම එකට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් අදාල මාධ්‍යවේදියාගේ නිවසට ඇතුලු වී නිවසේ තිබූ දේපල රැසකට හානි කොට ඇති අතර, නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට ඇතුලු ගෙවත්තේ තිබූ දේපලවලටද හානි කොට පලා ගොස් තිබූ බව වාර්තා වේ.

අදාල පිරිස නිවසේ කිසිවෙකුටත් හානි සිදුකොට නොමැති අතර පහරදීම සිදුකල පුද්ගලයින් මෙතෙක් හඳුනාගැනීමටද නොහැකි වී තිබෙන බවත්, නාඳුනන පිරිස විසින් දේපල වලට හානි කිරීමෙන් පසුව යම් පෝස්ටරයක් දමා ගොස් ඇති අතර ඒහි සඳහන් කොට ඇත්තේ සංක්‍රාන්තික ලිංගිකයින්ගේ හැඟීම් සාවද්‍ය ලෙස ප්‍රකශ නොකරනු ලෙස බව සඳහන් වේ.

කෙසේ වෙතත් අදාල ප්‍රහාරය කිසියම් පෞද්ගලික හේතුවක් මත සිදු කල ප්‍රහාරයක් බවට සැක පල කරන අතරම මේ පිලිබඳව වැඩිදුර පරික්ෂණයක්ද සිදුකරන බවට අච්චුවේලි පොලීසිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...