කුවේටයේ නේවාසිකාගාරයක ඇති වූ ගින්නක් හේතුවෙන් ඉන්දීය කම්කරුවන් 40ක් මිය යයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 13,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 48 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් ඉන් 40 දෙනෙකු පමණ ඉන්දියානුවන් වන බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය වාර්තා කරන්නේ,

මෙම නේවාසික ගොඩනැගිල්ලේ කම්කරුවන් 196 දෙනෙකු රැඳී සිට ඇති අතර බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, මියගිය අයගෙන් බොහෝ දෙනෙක් දකුණු ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් පැමිණි අය වන බවයි. එමෙන්ම තවත් ඉන්දීය ජාතිකයන් 50 දෙනෙකු ඇතුළුව පිලිපීන සහ නේපාල කම්කරුවන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

බොහෝ දෙනෙකු මිය යාමට හේතුව ගොඩනැගිලි ප්‍රමිතීන් උල්ලංඝනය කර ඒවා නිර්මාණය කර තිබීම බවයි කුවේට් නියෝජ්‍ය අගමැති ෂෙයික් ෆහාඩ් යූසුෆ් අල්-සබා සඳහන් කර තිබුණේ, කුවේට්හි ජනගහනයෙන් තුනෙන් දෙකක් විදේශීය ශ්‍රමිකයන්ගෙන් සමන්විත වන අතර රට විශේෂයෙන්ම ඉදිකිරීම් සහ ගෘහාශ්‍රිත ක්ෂේත්‍රවල සංක්‍රමණික ශ්‍රමිකයන් මත රඳා පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...