*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

(VIDEO):ව්‍යවස්ථාව ගැන කයිවාරු ගැහුවට මානව අයිතීන් සුරක්ෂිත කරන්න කවුරුත් නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW:අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වෙනමම පරිච්ඡේදයක් අන්තර්ගත බවත් මෙම මූලික අයිතිවාසිකම්වලට අයත් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් බවත් ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය පැතිකඩ අයත් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහලොකුවට කයිවාරු ගහන යුගයක කයිවාරුවට පමණක් සීමා නොවී ජනතා වරමින් බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික අයිතිය ආදී අයිතීන් ද මානව අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන යුගය බිහි කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) යාපනය වඩ්ඩුක්කොඩ්ඩායි වුලිපුරම් වික්ටෝරියා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 88 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

පාසල් සඳහා බස් බෙදන විට තමාට බස් මෑන් යැයි කියමින් අපහාස කරන, විවේචනය කරන කුහකයන් කොට්ඨාසයක් මේ බංකොලොත් රටෙත් සිටින බවත් ඔවුන්ට කියන්න ඇත්තේ මෙවැනි බස් රථ ලබා දෙන විට ඒවාට වෛර නොකර තමා සමඟ තරඟයට ජනතාවට වැඩ කිරීමට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම 76 වසරක ඉතිහාසය පුරා කිසිදු දේශපාලන පක්ෂයක් විපක්ෂයේ සිට නොකළ වැඩ කොටසක් සමගි ජන බලවේගය ඉටු කරනා බවත් එම සේවය දෙස බලා සිටිය නොහැකි කයිවාරු කාරයන් පිරිසක් ඒවා විවේචනය කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 234ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2620ක් වැය කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan