*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඊශ්‍රායල රජයේ නිලධාරීන්ට ඉරානයෙන් සයිබර් ප්‍රහාරයක්! ඊමේල් ගිණුම් හැක් කරලා!

ඊශ්‍රායල රජයේ ඉහළ නිලධාරීන්ගේ විද්‍යුත් තැපෑල ගිණුම් වෙත හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය එල්ලකර තිබෙන්නේ ඉරාන හැකර්වරුන් පිරිසක් විසින් බවයි ඊශ්‍රායලයේ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන සමාගමක් වන CheckPoint පවසන්නේ.

මෙසේ ප්‍රහාරයට ලක්ව ඇති විද්‍යුත් තැපෑල ගිණුම් හිමියන් ඊශ්‍රායල රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් වන අතර, එරට දේශපාලඥයන් සහ ශ්‍රස්ත්‍රඥයන්ගේ තොරතුරු වෙත ප්‍රවිශ්ට වී සංවේදී තොරතුරු සොරකම් කිරීමේ දැවැන්ත ප්‍රයද්නයක එක් කොටසක් ලෙස මෙම හැකර් ප්‍රහාරය දියත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඉරාන හැකර්වරුන්ගේ මෙහෙයුමේ ඉලක්ක වී තිබෙන්නේ ඊශ්‍රායලයේ ඉහළ මහජන පිළිගැනීමක් තිබෙන දේශපාලඥයන් සහ ශාස්ත්‍රඥයන් ය.

මෙසේ හැකර් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් අතර සංවේදී සහ සංකීර්ණ කරුණු සම්බන්ධයෙන් කටයුතු කළ නිත්‍ය ජනරාල්වරයකු, ඊශ්‍රායලයේ හිටපු විදේශ අමාත්‍ය ට්සිපි ලිවිනි, ඊශ්‍රායලයේ හිටපු එක්සත් ජනපද තානාපතිවරයා සහ ඊශ්‍රායලයේ දැවැන්ත ආරක්ෂක පර්යේෂණ ආයතනයක ප්‍රධානියකු සිටින බව සඳහන්.

මෙම ඉරාන හැකර්වරුන් අදාළ නිලධාරීන්ගේ ගිණුම් වෙත පිවිස, ඔවුන්ගේ තොරතුරු ලබාගෙන වෙනත් අන්තර්ජාල වේදිකාවල ඔවුන් මෙන් පෙනී සිටිමින් විවිධ පාර්ශව සමඟ ගනුදෙනු කර ඔවුනට අයත් පෞද්ගලික තොරතුරු සොරකම් කළ බව CheckPoint සමාගම අනාවරණය කරයි.

උදාහරණයක් වශයෙන්, හැකර්වරුන් ඊශ්‍රායලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට විදේශ සම්මන්ත්‍රණයකට සහභාගීවන මෙන් ආරාධනා කර ව්‍යාජ පණිවිඩයක් (Trojan) එවා ඊට තම විද්‍යුත් තැපෑල ලිපිනය සහ මුරපදය ඇතුළු කරන මෙන් ඉල්ලා රවටා, ඔහු හෝ ඇයගේ විද්‍යුත් තැපෑලට පිවිසුම් ලබා ගැනීම සිදුව තිබේ.

මෙසේ එල්ල වී ඇති සයිබර් ප්‍රහාරය ෆිෂිං (phishing) ලෙස හඳුන්වයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan