*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඩොක්ටර් හර්ෂ.. ඔයා හරි මෝඩයි..!

මම ලොකුවට පොලිටිකල් ඇනලිසිස් කරන්න දන්නේ නෑ. ඒත් මට මේ ගැන ලියන්න හිතුනේ අර මාලදිවයිනේ හිටපු ජනාධිපති සම්බන්ධ සිදුවීම දිහා බලපුවාම මේ රටේ දේශපාලඥයන්ගේ දේශපාලන පරිණතභාවය කොපමණ දුර්වල ද කියලා හිතුණු නිසා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියලා තිබුණා මාලදිවයිනේ හිටපු ජනාධිපති වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් හමුවූ මොහොතකදී ඔහුට සවුදි අරාබියේ උත්තරීතර නායක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායක ශ්‍රී ලංකාවට උදව් කිරීමට අකමැත්ත පළකල බව ඔහු කියා සිටියා කියලා.

මේ ගැන මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබුණා, මාධ්‍යය මඟින් පළවූ පුවත සම්පූර්ණයෙන් ම සත්‍ය නොවන බව. ඒ කියන්නේ, ඔහු හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ගේ පෞද්ගලික මිතුරකු වුනත්, මේ කියන විදියේ ප්‍රකාශයක් තමා නොකළ බව.

ඩොක්ටර් හර්ෂ.. ඔයා හරි මෝඩයි අනේ..

මොහොතකට හිතමු මොහොමඩ් නෂීඩ් හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා ඔබට ඇත්තටම එහෙම කතාවක් කිව්වා කියලා. එහෙම හිතුවත් එහෙම කියලා තියෙන්නේ ඔබම කියන පරිදි ඔබට ඔහුව පෞද්ගලිකව හමුවූ මොහොතකදී – කොෆි එකක් බොන්න ආපු වෙලාවක. ඉතිං ඒ වගේ වෙලාවක කියන කතාවක් ඔබ මාධ්‍යයට ප්‍රසිද්ධියේ කියනවා නම් හිතන්න ඒකෙන් පසුව ඇතිවීමට ඉඩතිබෙන සිදුවීම් දාමය.

මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා ඔබ කියනා පරිදි කියලා තියෙන්නේ සවුදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකවරුන් ඔහුට කියූවේ යැයි කියන කතාවන්. ඒ අනුව ඒවාත් ඔහුට ඒ ඒ නායකයන් පෞද්ගලිකව කියූ කතා. මෙහෙම දෙයක් ප්‍රසිද්ධ මාධ්‍යයකට කිව්වාම ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වශයෙන් සවුදි අරාබියට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රතිචාර දැක්විය යුතු වනවා නේද? ලංකාවට ආධාර ටිකක් හොයලා දෙන්න ‘කන්ට්‍රැක්ට් එකක්’ දීලා තියනවා කියලා කීමෙන් ඔහු ශ්‍රී ලංකා රජයට ප්‍රතිචාර දැක්විය යුතු වනවා නේද? මේක දාම ප්‍රතික්‍රියාවක් වගේ ගිහිං මේ රටවල් තුන ඇතුළේ (සමහර විට සමස්ත මැදපෙරදිග ම සහ ශ්‍රී ලංකාව අතර) රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් – නැත්තම් ඩිප්ලොමැටික් රිෆ්ට් එකක් – බිහිවනවා නේද?

ඩොක්ටර් හර්ෂ.. මේ 80 දශකය නෙමෙයි.. 90 දශකය නෙමෙයි. මේ සෝෂල් මීඩියා රජ කරන යුගයක්. කවුරු කොහොම කොතන දී මොනවා කිව්වත් ඒවා තඹ සතයකට ගනන් ගන්නේ නෑ සාක්ෂියක් නැතිනම්. මේ ජෙනරේෂන් එක හරි වෙනස්. පොඩ්ඩක් ගෝල්ෆේස් ජන අරගලය දිහා බලන්න. ඔවුන්ගේ සටන් පාඨ බලන්න. දේශපාලන වාසි තකා එක එක පුද්ගලයන් වේදිකා වල කරන ප්‍රකාශ පිළිගන්න පිරිසක් නෙමෙයි වර්තමාන තරුණ ප්‍රජාව. මොනව හරි දෙයක් කිව්වා කරා නම් ඒකට එවිඩන්ස් ඕනේ.

මිරිහාන ප්‍රහාරය වෙලාවේ රට තුළ නිර්මාණය කරන්න හදපු බිල්ලා නිකම්ම දියාරු වෙලා ගියේ මේ යූත් ජෙනරේෂන් එකේ අයගේ ඒ හිතන පතන විදියේ වෙනස නිසා තමයි. පටස් ගාලා සාක්කුවෙන් ෆෝන් එක ගත්තා ලයිව් දුන්නා. කාටවත් මුකුත් කියන්න බෑ. පොලීසිය වේවා වෙනයම් මැර කණ්ඩායමක් වේවා ඇඟට අතක් හරි තිබ්බා නම් එවෙලෙම ලයිව් දුන්නා. ඒ පහර දෙන උදවියත් එතනින්ම අසරණ වෙනවා.

ඔබට මොහොමඩ් නෂීඩ් හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා කිව්වේ යැයි කියන කතාව ඔබ කියූ සැනින් එතැනම අවලංගු වන්නේ ඒ නිසා. ඔබ පමණක් නොවෙයි, තව ලංකාවේ බොහෝ හයි ප්‍රොෆයිල් තියන පුද්ගලයන්ට ලංකාවෙම හයි ප්‍රොෆයිල් තියන උදවිය හෝ වෙන රටවල හයි ප්‍රොෆයිල් තියන උදවිය පෞද්ගලිකව හම්බ වෙලා එක එක කතා කියනවා ඇති. අර ඔබේම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් කිව්වා නේ ‘මුං ඔක්කොම යාලුවො මල්ලි’ කියලා. අභ්‍යන්තර කවය – නැත්තම් ඉනර් සර්කල් – කියන්නේ ඒකට නේ. රටක ලෝකයක ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන ඇත්තම සංවාදය යන්නේ එතනනේ. හොරකම් කරා ද, හොරකම් කරේ නැද්ද, මැරුවාද, හැංගුවාද, පණපිටින් ද කියන එක ගැන ඇත්තම තොරතුර තියෙන්නේ එතන නේ. ඉතිං එක එක අය එක එක අයට එක එක කතා එක එක වෙලාවට කියාගන්නවා ඇති.

ඔබටත් මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා හමුවූ වෙලාවක මොනවා හරි කියන්න ඇති. ඉතාම සංවේදී කරුණක් කියන්න ඇති. හැබැයි ඔබ ඒක මාධ්‍යයට කිව්වා ම නිකම් ම ගොසිප් එකක් බවට පත්වෙනවා. ඒ වගේම හිටපු මාලදිවයින් ජනාධිපතිවරයාට ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් ලබා දෙන්න ඉබේම සිදුවනවා. ඔහුට තව හතර අතට උත්තර බඳින්න සිදුවනවා. මේ චේන් රියැක්ෂන් එක තේරුම් ගන්න ඔබතුමාට බැරිවීම ගැන ඇත්තමට මට පුදුමයි.

ඉතිං නිකරුණේ ප්‍රවෘත්ති වල, සමාජ මාධ්‍ය ජාලා වල පුවත් වෙබ් අඩවි වල කිච වෙන්නේ ඔබතුමා ම නේද?

ප්‍රමෝද් චින්තක පීරිස්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan