*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කාන්තාවන්ට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවකින් ලෝකයේම අවධානය චීනයට!

චීනයේ Tangshanහි කාන්තාවන් හතර දෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව එහි ප්‍රාදේශීය පොලීසිය විසින් පසුගියදා ප්‍රකාශ කර තිබේ.
සිද්ධියේ දර්ශන ඇතුලත් ග්‍රැෆික් වීඩියෝවක් සමාජ මාධ්‍යවල පලවීමත් සමඟ කාන්තා ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාලය හරහා උණුසුම් සාකච්ඡා ඇතිව තිබේ. කාන්තාවන්ට එරෙහිව කායික, ලිංගික හෝ මානසික හානියක් සිදු කරන ඕනෑම ක්‍රියාවක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස නිර්වචනය කළ හැකිය. වර්තමානය වන විට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටලුවක් මෙන්ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවට පත්ව තිබේ. එය ලෝකය පුරාම දක්නට ලැබෙන කණගාටුදායක තත්වයකි.

මෙම වීඩියෝවට අනුව යම් පුද්ගලයෙක් ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 2.40 පමණ බාබකිව් අවන්හලක ඇවිදිමින් සිය සගයන් සමඟ ආහාර ගනිමින් සිටි කාන්තාවකයේ පිට මත අත තබමින් යමක් පැවසූ විට ඇය ඔහුව මැණික් කටුවෙන් අල්ලා ඉවතට තල්ලු කරයි. ස්ත්‍රියගේ ප්‍රතිරෝධය අනුව පිරිමියා ප්‍රතිචාර දක්වන්නේ කාන්තාවගේ මුහුණට කම්මුල් පහරක් ගසමිනි. ඉනි අනතුරුව දෙදෙනා අතර ඇතිවන ගැටුමට අනෙක් කාන්තාවන්ද මැදිහත් වේ. මේත් සමඟ අවන්හලට කඩා වදින තවත් පිරිමින් පිරිසක් කාන්තාවන් කිහිප දෙනෙකුට පහර දීම, පයින් පහර දීම, බිම කොණ්ඩයෙන් ඇදගෙන යන ආකාරයේ දර්ශන දැකගත හැකිය. මෙම පහරකෑම්වලට ලක් වූ කාන්තාවන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත. මෙම කම්පනීය වීඩියෝව ලෝකය පුරා සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතියි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාදේශීය පොලීසිය ප්‍රකාශ කරනු ලැබුවේ පිරිමින් හත් දෙනෙකු සහ ඔවුන්ගේ කාන්තා සගයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් නව දෙනෙකු රඳවාගෙන ඇති බවයි. මෙම නඩුවේ අපරාධ විමර්ශනය Hebei පළාතේ වෙනම නගරයක් වන Langfang වෙත ගෙන ගොස් ඇත. බොහෝ විට එසේ කරණු ලබන්නේ විමර්ශනය සංවේදී හෝ වැදගත් වන විට හා කල්ලි සම්බන්ධ අපරාධ සම්බන්ධ වන්නේ නම් පමණක් බව එරට මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් චීනය තුළ පවතින නීති පද්ධතිය, දඩුවම් පිළිබඳව මෙන්ම කාන්තාවට වෙනස් කොට සැලකීම ඇගේ අයිතිවාසිකම්  පිළිබඳ ප්‍රශ්න කිරීම් ඇතිවෙම්න් පවතියි. කාන්තාවන්ට සමාන ආරක්ෂාවක් පැවතීමත් , වධ හිංසාවලට හෝ වෙනත් අමානුෂික සැලකිල්ලකට, දඬුවමකට ලක් නොවී සිටීමට අයිතිවාසිකමක් පැවතිය යුතු බවත් සාකච්ඡා වෙම්න් පවතියි.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා සමාජය සතුව විශාල කාර්යභාරයක් පැවරේ. නීතිඥයන්, අධ්‍යාපනඥයන් වැනි වෘත්තිකයින්, ආගමික නායකයින්, විවිධ කාන්තා සංවිධාන, මෙන්ම රට තුළ පවතින සංගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ ජනමාධ්‍ය ආයතන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු කරන පුද්ගලයන්ට නිසි දඬුවම් පැමිණවීම පිළිබඳ අවධානයෙන් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය මේ කෙරේ යොමුව ඇති අතර, සමස්ත චීනයම මෙම සැහැසි ක්‍රියාව තරයේ ප්‍රතික්ෂප කර තිබේ.

සශිකලා මධුෂාණී – Outbound Today

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan