රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :
අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය විසින් තිස්ස අත්තනායකට එරෙහිව පවරා ඇති අපහාස නඩුවකට අදාළව කොළඹ දිස්ත්‍රික් අධිකරණය මගින් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ජූලි මස දක්වා කාලය ලබා දී ඇත.
2024 ජනාධිපතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්තිනාමයට හානි වූ බව පවසමින් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඉල්ලා ඇත.
මෙම නීතිමය ක්‍රියාවලිය යටතේ අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකම් සහ අතීත ජවිපෙ භීෂණ සමය පිළිබඳ ඇය සතු දැනුම සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශ්වයට අධිකරණ අවසරය හිමිව තිබේ.
විශේෂයෙන්ම දළදා පෙරහැර නැවැත්වීමට අදාළව සිදුකළ බව කියන ප්‍රකාශයක් මෙම නඩුවට පදනම් වී ඇති බවද වාර්තා වේ.


