*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

The Lord of the Rings සංදර්ශනය වර්ණවත් කරන ශ්‍රී ලාංකික තාරුණ්‍ය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නුවන් හියු පෙරේරා නමැති ශ්‍රී ලාංකික තරුණයකු,  Lord of the Rings සංගීතමය සම-නිර්මාණ සංදර්ශනය සඳහා  තෝරාගෙන තිබෙනවා.

නුවන් හියු පෙරේරා  Lord of the Rings සංගීත සංදර්ශනයේ “සෑම්” යන චරිතය වෙනුවෙන් තෝරාගෙන ඇති අතර , The Lord of the Rings ඉදිරි සංගීතමය සම-නිර්මාණය සඳහා සහභාගී වන නළු නිළියන් පසුගියදා නිවේදනය කරනු ලැබුවා. එහිදී නුවන් හියු පෙරේරා එහි චරිතයක් වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඔහු බ්‍රිතාන්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වේ.

The Lord of the Rings යනු මෙතෙක් ලියා ඇති වඩාත්ම වීර කාව්‍ය කථා වලින් එකක් වන අතර, 2003 නොවැම්බර් 17 වන දින නිකුත් වූ The Lord of the Rings චිත්‍රපටය, වැඩිම විවේචක ප්‍රසාදය දිනූ චිත්‍රපට අතරින් එකක් වන අතර මෙතෙක් වැඩිම Box Office සම්මානය ලැබූ චිත්‍රපටය බවට ද වාර්තා තබා ඇත .

ලොව දෙවැනි  වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට ද පත්ව ඇත්තේ The Lord of the Rings චිත්‍රපටය වන්නේ මෙය වන අතර මෙම චිත්‍රපටය  දෙවැනි වන්නේ ‘ටයිටැනික්’ චිත්‍රපටයට පමණක් බව වාර්තා වේ.

එම චිත්‍රපටය මුල් කර ගනිමින් නිර්මාණය වන සංගීත සංදර්ශනය එක්සත් රාජධානියේ වෝටර්මිල් රඟහලේ පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන්නේ එළිමහන් සංදර්ශනයක් ලෙස වන අතර එයට නළු නිළියන් 20 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතයි.

Lord of the Rings සංගීත නාට්‍ය සංදර්ශනයේ පද රචනය Shaun McKenna සහ Warchus විසින් සිදු කර ඇති අතර A.R. රහ්මන් ඊට සංගීතමය දායකත්වය ලබා දී තිබෙන බව සඳහන් ,

නුවන් හියු පෙරේරා සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබුණේ , 2023 මාර්තු 13 වන දින පොදුරාජ්‍ය මණ්ඩලීය දිනයේදී Westminster Abbey Service of Celebration හිදී “අනාගතයේ” ගීතය ගායනා කිරීමත් සමගයි.

නුවන් හියු පෙරේරා ‘Life of Pi’ වෙනුවෙන් ද සිය රංගන දායකත්වය දක්වා ඇති අතර ඔහු නැසීගිය Ruwani Seimon යටතේ පුහුණුව ලබා ‘Oklahoma,’ ‘West Side Story,’ ‘Phantom of the Opera,’ සහ ‘Les Misérables’ වැනි සම්භාව්‍ය වැඩසටහන් සඳහා ද සිය දායකත්වය දක්වනු ලැබූ දක්ෂ  ශ්‍රී ලාංකික තරුණයෙකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan