දැරණියගලට හා දෙහිඕවිටට නායේ යෑමේ රතු නිවේදන!

Date:

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැරණියගල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායේ යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ
අදියර තුන යටතේ එම අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත්වීමේ නිවේදනය එලෙස නිකුත් කර ඇති බවයි.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත,නිවිතිගල,කලවාන,ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනය නිකුත් කර ඇති අතර
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල,අයගම,කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර එක යටතේ විමසිලිමත් ලෙස සිටින ලෙස නිවේදනය නිකුත් කර ඇත.

තවදුරටත් වර්ෂාපතනය නිරීක්ෂණය කරමින් සිටින අතර මේ වන විට දැරණියගල ප්‍රදේශයෙන් කන්ඩි කඩා වැටීම් 15ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ.

සුළු වෙලාවක් තුළ අධික වර්ෂාපතනයක් ලෙබෙන හෙයින් නිවාස ආසන්නයේ ඇති කන්ඩි සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද සේනාධීර මහතා උපදෙස් දෙයි.

අද දිනයේ ලැබෙන වර්ෂාපතනය සමඟ නිකුත් කර තිබෙන නිවේදන වෙනස් කිරීම සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...