දැන් ගොඩබාන නැවේ ගෑස් කාටද ? මීළඟ ගෑස් නැව එන්නේ කවදාද ? – අගමැතිගෙන් ප්‍රකාශයක්

Date:

මේ වනවිට ගොඩබාමින් පවතින නෞකාවේ ගෑස් ලබාදෙන්නේ රෝහල්, හෝටල්, ආදහනාගාර ඇතුළු තොග වශයෙන් ගෑස් මිලදී ගත් පාර්ශ්වලට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“දැනට මේ රටට ගෑස් ගෙනෙන එක නැවක් පැමිණිලා තියෙනවා. ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඒ නැවේ තිබෙනවා. මේ ගෑස් ලබාදෙන්නෙ අපි විශේෂයෙන්ම තොග වශයෙන් මිලදී ගත්ත අයට. රෝහල්, හෝටල්, ආදාහනාගාර වැනි කණ්ඩායම්වලට ලබලා දෙන්නෙ. ඊට පස්සේ එන නැව්වලින් අපට අවස්ථාව ලැබෙනවා මාස 4කට ගෑස් ලබාගන්න. දැනට තියෙන හැටියට දවස් 14ක් යනවා ඒක ලබාගන්න, නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඊට ඉස්සෙල්ලා එක නැවක් හරි ලංකාවට ගේන්න. දැන් ඒකට සාකච්ඡා කරගෙන යනවා”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) දිනයේදී මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

දැනට ගොඩබාමින් පවතින්නේ මුදල් ගෙවාගැනීමට ප්‍රමාද වීම නිසා පසුගිය දින 6 ම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටි ගෑස් නෞකාව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...