දැන් ගොඩබාන නැවේ ගෑස් කාටද ? මීළඟ ගෑස් නැව එන්නේ කවදාද ? – අගමැතිගෙන් ප්‍රකාශයක්

මේ වනවිට ගොඩබාමින් පවතින නෞකාවේ ගෑස් ලබාදෙන්නේ රෝහල්, හෝටල්, ආදහනාගාර ඇතුළු තොග වශයෙන් ගෑස් මිලදී ගත් පාර්ශ්වලට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“දැනට මේ රටට ගෑස් ගෙනෙන එක නැවක් පැමිණිලා තියෙනවා. ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඒ නැවේ තිබෙනවා. මේ ගෑස් ලබාදෙන්නෙ අපි විශේෂයෙන්ම තොග වශයෙන් මිලදී ගත්ත අයට. රෝහල්, හෝටල්, ආදාහනාගාර වැනි කණ්ඩායම්වලට ලබලා දෙන්නෙ. ඊට පස්සේ එන නැව්වලින් අපට අවස්ථාව ලැබෙනවා මාස 4කට ගෑස් ලබාගන්න. දැනට තියෙන හැටියට දවස් 14ක් යනවා ඒක ලබාගන්න, නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඊට ඉස්සෙල්ලා එක නැවක් හරි ලංකාවට ගේන්න. දැන් ඒකට සාකච්ඡා කරගෙන යනවා”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) දිනයේදී මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

දැනට ගොඩබාමින් පවතින්නේ මුදල් ගෙවාගැනීමට ප්‍රමාද වීම නිසා පසුගිය දින 6 ම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටි ගෑස් නෞකාව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...