සටහන – පුලී
ජූනි 15, LNW (කොළඹ): ධවල මන්දිරය සිය ආගමන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය වීඩියෝවකට තම සංගීතය භාවිතා කිරීම සම්බන්ධයෙන් තම සංගීතය එවැනි දෑට භාවිතා නොකරන ලෙස ඇමරිකානු පොප් ගායිකා Ariana Grande ධවල මන්දිරයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
TikTok රීලයේ දේශසීමා නියෝජිතයන් මිනිසුන් මාංචු දමා තබන ආකාරය දැක්වෙන අතර, Grande ගේ 2024 ජනප්‍රිය ගීතය වන Bye බැක්ග්‍රවුන්ඩ් සංගීතය ලෙස ඔවුන් යොදා ගෙන තිබිණි. එහි ශීර්ෂ පාඨය වන්නේ: “බායි-බායි… ජනාධිපති ට්‍රම්ප් ඉතිහාසයේ ආරක්ෂිතම දේශසීමාව ලබා දී ඇත” යන්නයි.
“කරුණාකර මේ ම්ලේච්ඡ, අමානුෂික, පිළිකුල් සහගත විකාරයට මගේ සංගීතය යොදා නොගන්න” යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් ඇය කොමෙන්ටුවක් පළ කළාය.
ධවල මන්දිරයේ මෙම වීඩියෝව නිකුත් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ජනාධිපති ධුර කාලයේ ඉතිරි වසර දෙකහමාරක කාලය සඳහා ආගමන ඒජන්සි සඳහා ඩොලර් බිලියන 70 (පවුම් බිලියන 52) කට වැඩි අරමුදල් අනුමත කිරීමේ පනත් කෙටුම්පතකට අත්සන් කිරීමෙන් පසුවය.

