අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම්ට ඇප. සිද්ධිය මතක නැති ලු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (15) දිනයේදී අත් අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පුද්ගලික ලේකම්වරයාව ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණේ බොරලැස්ගමුවේ හැන්නදිගේ දයාපාල නම් 73 හැවිරිදි අයෙකි.

2019 වසරේදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම

එසේ මිලදී ගන්නා ලද එම පුටු 16361ක් දකුණු පළා‌තේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස හෝ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීම

යන සිද්ධීන්වලදී රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කළ බවට ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පුද්ගලික ලේකම්වරයාට චෝදනා එල්ල වී ඇත.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ අනුජ පේමරත්න මහතා කරුණු දක්වමින් සඳහන් කළේ මහ ඇමතිවරයා සිටියදී පුද්ගලික ලේකම්වරයා රාජ්‍ය නිලධාරීන්ට බලපෑ කළේ යැයි කීම පිළිගත නොහැකි බවත් 2019 සිදුවූ මේ සිදුවීම සම්බන්ධයෙන් 73 හැවිරිදි තම සේවාදායකයාට මතකයක් නොමැති බවත් කෙසේවෙතත් විමර්ශනවලට ඕනෑම අවස්ථාවක සහාය දැක්වීමට කැමති සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසත් ය.

ඒ අනුව දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවූයේය.

විමර්ශනවල ප්‍රගතිය ලබන 26 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...