*
Friday, October 25, 2024
spot_img

Latest Posts

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක්අයකු මියයයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

ත්‍රිකුණාමලය කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගරයේදී යතුරුපැදි දෙකක් මුහුනට මුහුන ගැටීමෙන් එක්අයකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය මුකිරියාව පදිංචි 53හැවිරිදි ඉස්මයි ජවුප්ෆර්ඩීන් නැමති අයෙකි.කහටගස්දිගිලිය මහමැස්සලාව හා කොහොබගස්කඩ පදිංචි 21හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

මියගිය යතුරුපැදිකරු ඊයේ අනුරාධපුර දෙස සිට පැමිණෙන අතරතුර එකවරම මාර්ගයේ අනෙක්පසට හැරවීමේදී හොරොව්පොතාන දෙස සිට පැමිනි යතුරුපැදිය ඔහුගේ යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.  කහටගස්දිගිලිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනුලැබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan