හිටපු ජනාධිපති ගෝඨාභයගේ රිට් පෙත්සම අද (17) විභාගයට!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම අද පස්වරු 1.30 ට අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටීමට නියමිතය.

අද(170 උදෑසන මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට පෙත්සම් පත්‍රිකා ලැබී ඇත්තේ අද උදෑසන 8.00 ට පමණ බවයි. වගඋත්තරකරුවන්ගෙන් තවමත් උපදෙස් ලැබී නොමැති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර, අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා සමඟ විනිසුරු මඩුල්ලේ අසුන් ගත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙත්සම විභාග කිරීම ප්‍රතික්ෂේප කළ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...