*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

කෝටි ලක්ෂ ගණනින් බදු පැහැර හරින සුපිරි ධනපතීන් ආරක්ෂා කරමින් ජනතාවට බදු පිට බදු සුනාමියක් දෙන්නේ ඇයි – විපක්ෂ නායක ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි

නව බදු සහ බදු වැඩි කිරිම් ක්‍රියාවලිය ජනාධිපතිවරයා ප්‍රත්‍යක්ෂ කරන්නේ රාජ්‍ය ආදායමේ හා ඉලක්කවල හිඟතාව තුළ රාජ්‍ය ආදායම ප්‍රමාණාත්මකව වැඩි කිරීමේ අරමුණින් බවත් දැනට බදු දැලට ඇතුළු නොවී සිටින කණ්ඩායම් බදු දැලට හසු කර ගැනීමෙන්, බදු අය කර ගැනිමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුක්තව ඩිජිටල් කිරීමෙන් බදු දැලට හසු විය යුතු කණ්ඩායම් එයට හසුකර ගැනීම හා බදු පරිපාලනය කාර්යක්ෂම වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු ආණ්ඩුවේ සිටියත් බදු පරිපාලනය විනිවිදභාවයෙන් යුක්තව වගකීමෙන් හා වගවීමෙන් ක්‍රියාත්මක කරන්න ඩිජිටල්කරණයට විරුද්ධ කොටසක් සිටින බවත් බංකොලොත් රටේ බදු පිට බදු ගසා බදු සුනාමියක් ඇති කරනවා වෙනුවට බදු පරිපාලනය වඩාත් කාර්යක්ෂම කිරීමේ වැඩසටහනකට සමගි ජන බලවේගය පවා උදව් කරන බවත් බදු දැලට හසුවිය යුතු එනමුත් හසු නොවී සිටින කණ්ඩායම් මෙයට ඇතුළත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

සුපිරි කෝටිපතියන්ට කෝටි ලක්ෂයක බදු සහනයක්

පසුගිය වසරේ රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකයන් වෙත කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දී ඇති බවත් එම කෝටි ලක්ෂයක බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකයන්ට ලබා දීම සාධාරණ ද කියා ප්‍රශ්න කරන බවත් මේ සඳහා යොදාගත් පදනම දැන ගැනීමට අවශ්‍ය බවත් එම බදු සහන ලබා නොදුන්නේ නම් නව බදු වර්ග හදුන්වා දීමට අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝටි එක්ලක්ෂ විසිදහසක බදු පැහැර හැර තිබෙනවා

නව බදුවලින් කෝටි 60000ක ආදායමක් අපේක්ෂා කළත් කෝටි ලක්ෂයක මුදලක් ඉහළම ගණයේ ව්‍යාපාරිකයන්ට ලබා දීම තුළ බදු ගෙවීම් පැහැර හැරීම් දෙස බැලුවහොත් කෝටි එක්ලක්ෂ විසිදහසක බදු පැහැර හැර ඇති බවත් මේවා පාර්ලිමේන්තු කමිටු හරහා හෙළිදරව් වී ඇති බවත් බදු නොගෙවීම බදු පැහැර හැරීම හා බදු සහන ලබා දීම් නිවැරදි කළහොත් බදු සුනාමියක් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කෝටිය ඉක්මවූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව 4200ක්

එමෙන්ම කෝටිය ඉක්මවූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව 4200ක් බවත් මේ අයගෙන් බදු අය කර ගැනීමට රජය කටයුතු නොකරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් අරක්කු ව්‍යාපාරයේ නිරත වන 23 දෙනකු අතරින් 5 දෙනකු බදු පැහැර හැර සිටි අවස්ථාවේ එම බදු පැහැර හරින්නන්ගේ බලපත්‍ර අහෝසි කරන්න රජයට නොහැකි වූ බවත් මේ අවස්ථාවේ ඒ අතරින් 2ක් බදු ගෙවා ඇති බවත් ඒ අය පැහැර හැරි බදු මුදල කෝටි 700ක් බවත් ඔවුන්ගේ අරක්කු බලපත්‍ර අහෝසි කරන්නේ නම් ඔවුන් බදු මුදල් ගෙවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය බැංකුවලින් ණය ගෙවීම පැහැර හරින ලද කණ්ඩායම්වල නම් ටික හෙළිදරව් කරන්න

රාජ්‍ය බැංකුවලින් පුද්ගලයන් ලෙස හා ආයතන ලෙස විශාල ණය මුදල් ගෙන ඒවා නොගෙවන පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල ණය ලැයිස්තු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත් එම නම් හා කපාහැරපු ණය මුදල පවා කියන්න බැරි බවට මුදල් රාජ්‍ය ඇමතිවරයා කියූ බවත් මෙය අසාධාරණ බවත් එම නිසා මේවා වළක්වා ගෙන නියමිත ලෙස බදු මුදල් අය කර ගතහොත් ජනතාවට අනවශ්‍ය බදු ගැසීමට සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan