තායිලන්තය අග්නිදිග ආසියාවේ මුල්වරට LGBT විවාහ පනත සම්මත කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 18,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අග්නිදිග ආසියාවේ මුල් වරට තායිලන්තය විසින් සමලිංගික විවාහ පනත නීතියෙන් සම්මත කර තිබේ.

මෙම පනත් කෙටුම්පත දශක දෙකකට වැඩි කාලයක් ක්‍රියාකාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ උත්සාහයකින් පර්ලිමෙන්තුවට ගෙන විත් ඇති අතර මෙය රාජකීය ගැසට් පත්‍රයේ පළ වී දින 120කට පසුව බලාත්මක වනු ඇත.

නේපාලයට සහ තායිවානයෙන් පසු අග්නිදිග ආසියාවේ විවාහ සමානාත්මතා නීති පනවන පළමු ජාතිය තායිලන්තය වන අතර සමලිංගික විවාහ පිළිබඳ පාර්ලිමේන්තු කමිටු සාමාජික Plaifah Kyoka Shodladd මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, අවුරුදු 20කට වැඩි කාලයක් සටන් කිරීමෙන් අනතුරුව දැන් සිය රටේ විවාහ සමානාත්මතාවය ඇති බවයි.

ආසියාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන තායිලන්තය දැනටමත් එහි විචිත්‍රවත් LGBT සංස්කෘතිය සහ ඉවසීම සඳහා ප්‍රසිද්ධය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...